News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර වාණිජ වෙළඳපොළෙන් ඩොලර් කෝටි 1550ක් ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති බවත් ඉන් මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඩොලර් කෝටි 300ක් බවත්, ඉතිරි ඩොලර් කෝටි 1250ක් ම ගත්තේ 2015 - 2019 යහපාලන කාලයේ රනිල් වික්‍රමසිංහ බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවල දීප්තිමත් අනාගතයක් සනිටුහන් කරනු ඇතැයි චීනය විශ්වාස කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

විසි එක්වැනිදා මෙරට බහුතර ජනතාවගේ බලයෙන් දිලිත් ජයවීර තරුව ලකුණින් විජයග්‍රහණය කරන බවත්, මෙරට උරුමය වළපල්ලට යාමට නොදී නැවත කෙසේ හෝ රට නැගිටින බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

නාඋල ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවර ජනාධිපතිවරණය හා සම්බන්ධ රාජකාරි හේතුවෙන් අද (19 වැනිදා) සිට ලබන සඳුදා (23 වැනිදා) දක්වා අධිකරණයන්හි සාක්ෂි ලබාදීම හා අනෙකුත් කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට පැමිණීමට නොහැකි වන බව පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පවසයි.

වසරක් ගතවී ඇති ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුම් අවසන් කිරීම සඳහා මැදිහත් විය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල විශේෂ සැසියේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 124 ලැබී තිබේ.


ප්‍රධාන පුවත්

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්

රට වෙනස් කරන්නට පැමිණි නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට රාජ්‍ය සේවාව පත් කරන්නට උත්සාහ දරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.

කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි

කාශ්මීරයේ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසු න්‍යෂ්ටික සන්නද්ධ ප්‍රතිවාදීන් අතර සබඳතා පහත වැටීමත් සමඟ ඉස්ලාමාබාද් සමඟ සබඳතා පහත හෙලීමට පියවර ගන්නා බව ඉන්දියාව නිවේදනය කිරීමෙන් දිනකට පසු බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි

ආනයන සඳහා අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාර්ථක සාකච්ඡාවක් කිරීම පිළිබඳව රජය කළ ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අදහස් දැක්වීය.

යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.

ඊයේ(23) ඇපල් සමාගම AAPL.O නම් නව ටැබ් උපකරණයක් හඳුන්වා දීමේදී යුරෝ මිලියන 500 (ඩොලර් මිලියන 570) ක දඩයක් නියම කරන ලද අතර අළුතින් හඳුන්වා දුන් මෙටා සමාගමේ META.O නව උපකරණයට යූරෝ මිලියන 200ක දඩයක් නියම කළේය.

දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වන්දනා මාන කිරීම වෙනුවෙන් යොදවා තිබූ විශේෂ දුම්රිය සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.