මීගමුව බන්ධනාගාරයේ ගැටුම: 'අපි ඉරිදා ඉඳන් සූදානමින් හිටියා.. ඒත් සහාය ඉල්ලුවේ සඳුදා උදේ.'.- අපරාධ දිසාව බාර නි. පොලිස්පති
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත්තේ ගැටුම ආරම්භ වී දිනකට පසුව බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා අනාවරණය කරයි.
'දෙරණ Big Focus' වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ, ඉරිදා (05) දිනයේ සිටම පොලිසිය බන්ධනාගාරයෙන් පිටත සූදානමින් සිටිය ද, බන්ධනාගාර බලධාරීන්ගෙන් නිල ඉල්ලීමක් ලැබෙන තෙක් ඇතුළට යාමට නීතිමය අවකාශයක් නොතිබූ බවයි.
රැඳවියන් විසින් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව බිඳ එහි තිබූ ඖෂධ වර්ග අධික ලෙස පානය කර මත් වී සිටීම හේතුවෙන් සඳුදා උදෑසන වන විට තත්ත්වය ඉතා දරුණු අතට හැරී තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
ඉරිදා රාත්‍රියේ තත්ත්වය සාමකාමී වූ බවට වාර්තා වුවද, ඖෂධ පානය කිරීම නිසා සඳුදා උදෑසන වන විට රැඳවියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත විශේෂ කාර්ය බලකායේ සහාය ඉල්ලා නිල ලිපියක් යොමු කර ඇත්තේ සඳුදා (06) උදෑසන බවත්, ඉන් අනතුරුව පමණක් පොලිසිය මැදිහත් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි