News Category
From Date
To Date
Maximum Number of Result

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

සමාජ මාධ්‍ය භාවිතය සඳහා අනුමත වයස් සීමාව අවුරුදු 13 සිට 15 දක්වා වැඩි කිරීමට සහ තරුණ පරිශීලකයින්ට අන්තර්ජාල ක්‍රියාකාරකම්වලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන කනස්සල්ලට විසඳුම් සෙවීමට දැඩි පාලනයන් හඳුන්වා දීමට නෝර්වේ රජය සැලසුම් කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පවසන්නේ පසුගිය කාලයේ විවිධ ගිවිසුම්වලට එළැඹී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයකට කමිටුවක් පත් කළ බවය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානයේ “හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර” සිදු කරමින් සිටින බව ඊශ්‍රායල හෞම්දා ප්‍රකාශක ඩැනියෙල් හගාරි අද(26) උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේය.

2024 මුම්බායි ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් ජූරියේ සභිකයෙකු ලෙස කටයුතු කිරීමට මෙරට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු හා චිත්‍රපට තිර රචක උපාලි ගම්ලත් මහතාට අවස්ථාව හිමිවී තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර ඇති අතර, ඒ ඉකුත් ඔක්තෝම්බර් 01 වනදා ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර ලෙසය.

පවතින සාම්ප්‍රදායික දේශපාලනය තුළ රටේ ගැටලු විසඳිය නොහැකි බවත්, එතනින් එහා ගිය නව දේශපාලන ක්‍රමවේදයක් රටට අවශ්‍ය බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද(26) පැවැත්වෙන අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.


ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.