News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය බලය තිබූ දේශපාලන පක්ෂ තුළ වැඩ කිරීමේ දී අත්දුටු දෙයක් නම් දේශපාලකයා හැරුනු විට මෙම යාන්ත්‍රණය තුළ සිටින බලවත්ම කොටස් දෙක වන්නේ ව්‍යාපාරිකයන් හා පරිපාලකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මහා මැතිවරණයට තරග වදින මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.

දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

වසර පහකට පමණ පෙර විසුරුවා හරින ලද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවතත් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යහගතකරණය පිළිබඳ අවධානය යොමු කරමින් පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානය පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ඉමාම් කමිටු වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද හෙළිදරව් කළේය.

පසුගිය වසරේ, ජගත් හමුදාවල වෙඩි බලය දක්වන ලයිස්තුවේ රුසියාව දෙවෙනි ස්ථානයටත් අමෙරිකාව පළමු ස්ථානයටත් පත්කර තිබුණි. කෙසේ වුවද මෙම වසරේ එම ලයිස්තුවේ ලොව ප්‍රබලතම හමුදාව ඇත්තේ රුසියාවට බව එක්සත් ජනපද ප්‍රවෘත්ති සහ ලෝක වාර්තා සඟරාවේ ශ්‍රේණිගත කිරීම් මගින් පෙන්වා දී ඇත.

විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවත් ඒ හා සම්බන්ධ විශාල මහජන මුදල් වංචා වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී පවත්වන ලදී

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයන් පිරිසක් (29) දිවයිනට පැමිණීමට නියමිත බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ඉමාම් කමිටු වාර්තාව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් හෙළිදරව් කරමින් සිටියි.


ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.