මහාචාර්ය Jiang Xueqin විසින් ඉදිරිපත් කළ “The Nations That Will Collapse First: A Country-by-Country Economic Countdown” නම් YouTube සාකච්ඡාවේ දී ඒ මහතා විසින් ලෝක ආර්ථිකය දැන් භයානක නව අදියරකට පිවිසෙමින් ඇති බවත් අඩු මිලේ ශක්තිය (energy) අහිමි වෙමින් පවතින අතර, වෙළඳ මාර්ග බිඳ වැටෙමින් ඇති බවත් හෙළිදරව් කරයි.
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසන්නේ මුලින් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා තිබුනේ තමන් දූෂණය නැති කිරීමට පැමිණියද ඉන් අසමත් හෙයින් මෙම ඉල්ලා අස්වීම සිදුකරන බව සහ ඉදිරියට එන ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන් හෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිවකු වගකීම භාර නොගන්නා බව යැයිද වන බවත් පසුව ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වන්නේ කොන්දේ අමාරුවක් නිසා ඉල්ලා අස්වන බව යැයිද සඳහන් කරයි.
අනුරුද්ධ ලොකුහපුආරච්චි නම් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකු විසින් සාම පාගමන අතරතුර බෞද්ධ උපාසිකාවක් භික්ෂූන් වහන්සේලාට වන්දනා මාන කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ යොදා එයට වැරදි ආකාරයේ අර්ථ නිරූපනයක් ලබාදී ඇති බවත්, එහි ආලෝකා නමැති සුනඛයාට එම වන්දනාමාන සිදුකළ බවට අදහසක් පළ කෙරෙන අයුරින් එම සටහන පළ කර ඇති බවත් සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගමමුල්ලගේ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..