News Category
From Date
To Date
Maximum Number of Result

උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද දිනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වීමට සැලසුම් කර ඇත.

රටේ ව්‍යවසනය දේශපාලනය තුළින් ඇති කළ ව්‍යවසනයක් බවත් එය වෙනස් කිරීම දේශපාලනය තුළින්ම වෙනස් කරගත යුතු බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇති බව වාර්තා වේ.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන් සඳහා සේවයෙන් ඉවත්වීමට ලබාදී තිබෙන පොදු සමා කාලයේ පළමු සතිය තුළ හමුදා සාමාජිකයන් 7156ක් යුධ හමුදාවෙන් ඉවත් වී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසයි.

මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට යන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇති බවයි.

ජාතික ජන බලවේගය ජාතික විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ.

ගුරු අධ්‍යාපනඥ සේවය මුහුණ පා ඇති වැටුප් ගැටලුව විසඳා ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක නිළධාරියා කෝවිඩ් එන්නත් වංචාව සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට නියමිතයි!

ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට කෝවිඩ් එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බිලියන ගණනක් වංචා කළ බවට එල්ලවන චෝදනා හේතුවෙන් වී සිරගත වීමට ඉඩ ඇති බව පැවසේ.

මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර

දැනට රට පුරා බෙදා හරින සියලු ඉන්ධන තම රජය යටතේ ගෙනවන ලද තෙල් නැව් නොවන බවත්, එනිසා එහි මිල පාලනයත් සම්බන්ධයෙන් මැදිහත් වීමට අසීරු බවත් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට අති බහුතරයක් ලැබීම දේශපාලනික වශයෙන් විනාශකාරී දෙයක් විය හැකි බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)

ජාතික ජනබලවේගයේ නිල මතය ලෙස පිළිගත යුත්තේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සහ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතා විසින් පවසන මතය දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක් වෙමින් ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණද , රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් "වඩා ජනප්‍රිය අපේක්ෂකයෙකු" බව විශ්‍රාමික එක්සත් ජනපද ගුවන් හමුදා ලුතිනන් කර්නල් Karen Kwiatkowski පවසයි. ඒ මහතා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු විශ්ලේෂකයෙකු ද වේ.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.