News Category
From Date
To Date
Maximum Number of Result

දැනට රුපියල් 4115 ක්ව පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 4000කට අඩු අගයකට ගෙන එන බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් පවසයි.

තමා අත්අඩංගුවට ගැනීම හරහා තමාගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කර ඇත.

ග්‍රාම නිලධාරී වෘත්තීය ගැටලු හමුවේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීම සම්බන්ධයෙන් සියලු ග්‍රාම නිලධාරී සංගම් එක්ව අද(3) දිනයේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වේ.

ඊයේ (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් පැවැත්විණි.

අද ජනතාවට අවශ්‍යව ඇත්තේ “රටේ ස්වෛරීභාවය පාවාදී ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ පරගැති ගමන ආපසු හරවා, රට, දැය නැවත නියම මාවතට රැගෙන ඒමට හැකි” සැබෑ ජනාධිපති අපේක්ෂකයකු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ (01) උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු කිරීමේ ප්‍රධාන නිර්ණායකය වූ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල z අගය පදනම අනුව අඩු සුදුසුකම් සහිත සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට , මුදල් හා වෙනත් වරප්‍රසාද මත ඇතුළත් කිරීම මගින් වඩා උසස් ප්‍රතිඵල ලැබූ දක්ෂ සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මහජන යුතුකම් කේන්ද්‍රය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


ප්‍රධාන පුවත්

මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර

දැනට රට පුරා බෙදා හරින සියලු ඉන්ධන තම රජය යටතේ ගෙනවන ලද තෙල් නැව් නොවන බවත්, එනිසා එහි මිල පාලනයත් සම්බන්ධයෙන් මැදිහත් වීමට අසීරු බවත් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට අති බහුතරයක් ලැබීම දේශපාලනික වශයෙන් විනාශකාරී දෙයක් විය හැකි බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)

ජාතික ජනබලවේගයේ නිල මතය ලෙස පිළිගත යුත්තේ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සහ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතා විසින් පවසන මතය දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක් වෙමින් ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ලබා දුන් බව ජන අරගල සන්ධානය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ‍Yoav Gallant නෙරපා හැර තිබේ. ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණද , රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් "වඩා ජනප්‍රිය අපේක්ෂකයෙකු" බව විශ්‍රාමික එක්සත් ජනපද ගුවන් හමුදා ලුතිනන් කර්නල් Karen Kwiatkowski පවසයි. ඒ මහතා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු විශ්ලේෂකයෙකු ද වේ.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්‍ෂි විභාග කරන්න නියෝග

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ පාස්කු නඩුවේ චෝදනාවලින් එම විත්තිකරුවන් දෙදෙනා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05දා) බලරහිත කරමින් තීන්දුවක් නිකුත් කරන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.