ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව: ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග..
යාපනයේ දී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2011 වසරේ දෙසැම්බර් 10 වැනිදා, ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව යාපනය නගරයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවයක් සංවිධානය කරමින් සිටි ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා ආවරංගල් ප්‍රදේශයේදී අතුරුදන් වූ බව සඳහන්.
ඒ අනුව, ඔවුන්ගේ ඥාතීන් විසින් 2012 වසරේ කොළඹ අභියාචනාධිකරණයට හේබියස් කෝපස් පෙත්සමක් ගොනු කර තිබූ අතර, එම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් විභාග කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණි.
ඒ අනුව නඩු විභාගය 2012 සැප්තැම්බර් 19 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ කෙරිණි.
2017 වසරේදී මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමද ඇතුළත් කෙරුණු අතර, ඔහු අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස නියෝග නිකුත් කෙරුණි.
ආරක්ෂක හේතූන් මත යාපනයට පැමිණිය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට දැනුම් දී තිබූ අතර, පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදීමට අවසර ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය, සුදුසු දිනයක අදාළ මහේස්ත්‍රාත් අධිකරණයකට පෞද්ගලිකව පෙනී සිට එම ස්ථානයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදෙන ලෙස නියෝග කර කළේය.
අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබාදෙන ලෙස අධිකරණය නියෝග කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති