මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි..
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ අතිපූජනීය අධ්‍යයනඥයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ප්‍රවීණ ලේඛකයෙකු වූ මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වෙන විට එතුමන්ගේ වයස අවුරුදු 86ක්.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ආරම්භක නියමුවෙකු ලෙස කටයුතු කරමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජන සන්නිවේදන විෂයය ශාස්ත්‍රීය මට්ටමින් හඳුන්වා දීමට මුලපිරූ ප්‍රධානතම විද්වතාණන් වන්නේ ද මහාචාර්ය විමල් දිසානායකයි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් මහාචාර්ය විමල් දිසානායක පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස සැලැකිය හැකිය.
සිය ප්‍රථම උපාධිය සඳහා එතුමා විෂයන් ලෙස තෝරා ගත්තේ සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයයි. ඉන්පසු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආචාර්ය උපාධිය ලබා ගත්තේ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය කරගනිමිනි.
ඉන්පසුව 1975 දී අධි ශිෂ්‍යත්වයක් ලැබ පෙන්සිල්වේනියා සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලබා ගන්නේ ජන සන්නිවේදනය හා සිනමාව විෂයය කරගනිමිනි.
මෙරට සන්නිවේදන විෂයයෙහි පුරෝගාමී විද්වතුන් වූ විමල් දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ පළමු අංශාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර 1979 දී ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයට පත් වීමක් ලැබ විදේශගත විය. එතුමා දැනට එහි ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා මෙන්ම හොංකොං විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්ය පදවියක් ද උසුලනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති