මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය..
ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය වහාම මාධ්‍ය වෙත නිකුත් කර ප්‍රසිද්ධියට පත් කරන ලෙස "දිනන දකුණ සාමූහිකය" ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අභියෝග කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව පෙන්වා දෙන්නේ, පසුගිය 08 වැනිදා "යුක්තිය උදෙසා ජනතා සාමූහිකය" ඇතුළු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයින් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මෙම ලිපිය පිළිබඳව තොරතුරු අනාවරණය වූ බවයි.
එම හමුවේදී අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව මහානායක හිමියන් පැහැදිලිවම ප්‍රකාශ කළ බවත්, එම සාකච්ඡාවේ අදහස් විකෘති කරමින් ආණ්ඩුවට හිතවත් ෆේස්බුක් පිටුවක් මඟින් අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවයි එම සංවිධානය චෝදනා කරන්නේ.
ජනමාධ්‍ය ඉවත් වීමෙන් පසුවද මහානායක හිමියන් සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවත්, සදාචාරාත්මක හේතූන් මත එහි සියලු තොරතුරු මාධ්‍යයට හෙළි නොකරන බවත් පවසන දිනන දකුණ සාමූහිකය, මෙම ලිපිය පිළිබඳ තොරතුරු වසන් කිරීමටත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමටත් ආණ්ඩුව දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව පවසයි.
ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය ප්‍රසිද්ධ කිරීමට අපොහොසත් වන්නේ නම්, මෙම සිදුවීම පිටුපස ඇති ආණ්ඩුවේ සැඟවුණු න්‍යාය පත්‍රය මනාව පැහැදිලි වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති