News Category
From Date
To Date
Maximum Number of Result

"ECONOMYNEXT" වෙබ් අඩවිය විසින් පල කල පුවතක් වන ශ්‍රී ලංකාව BRICS කණ්ඩායමට ඇතුලත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ යනුවෙන් කළ පුවත පදනම් කරගනිමින් ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ඇතුළු වෙනත් පුවත් වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත ප්‍රචාරය කර තිබුණි. ඒ අතර ඊයේ(09) වෙළෙඳ පොළට නිකුත් කළ අද(10) "Sunday Isaland" පුවත් පතද එම පුවත සිය මුල් පිටුවේම පල කර තිබුණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය එම පුවත සාවද්‍ය පුවතක් බව පවසයි. රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල් ගණනක් BRICS කණ්ඩායමට ඇතුළත් වීමට ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් නුදුරේදී BRICS කණ්ඩායමේ ඊට අදාල අංශ විසින් සමාලෝචනය කර අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.

තමනට අයත් නොවන සත පහක් තමා ලබා ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා සමග පැවසුවේ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

සුභාෂ්කරන් අලිරාජා ලංකාව තුළ ව්‍යාපාර ඇරඹීම මගින් රටේ බලය අල්ලා ගැනීමට ඉඩ ඇති බව හා ඔහු මෙරට මාධ්‍ය ආයතන මිලදී ගනු ලැබුවේ ඒ සඳහා බවට මාධ්‍ය හමුවකදී තොරතුරු අනාවරණය කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව වෙන් කරන රුපියල් කෝටි 110ක මුදලින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට හෙළිවී ඇත.

ජනාධිපතිවරු පස් දෙනෙක් අලිරාජා සුභාෂ්කරන්ගේ ඩොලර් කඳුමතින් පියාසර කළ බවත්, මීට දශකයකට පමණ එහා සිට ඔහු මෙරට තුළ තම මෙහෙයුම් දියත් කළ බවත් මාධ්‍ය හමුවකදී හෙළිදරව් වී තිබේ.

දක්ෂම යාත්‍රිකයන් නිර්මාණය කරන්නේ රළු මුහුද බවට කතාවක් ඇති බවත්, තමා කුඩා කල සිට ලැබූ අත්දැකීම් පන්නරය කරගනිමින් අද දේශපාලනික වශයෙන් යම් ගමනක් පැමිණ ඇති බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නිකුත් කරන ලද බව පැවසෙන එක්තරා නිවේදනයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.


ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.