නන්දා මාලිනී මාලිමාවක් වගේ.. - ඇමති බිමල් කියයි..
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලිනී මහත්මිය සිය අසමසම ගීත කලාව තුළින් මෙරට පරම්පරා ගණනාවකට සමාජ සාධාරණත්වය සහ විමුක්තිය වෙනුවෙන් මඟපෙන්වූ මාලිමාවක් බඳු වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් ඇතුළු පිරිස දේශපාලන ව්‍යාපාර වෙත යොමුවීමටත් ප්‍රථම ඇයගේ නිර්මාණ හරහා සමාජ අවබෝධය සහ සාධාරණත්වය පිළිබඳ මූලික සංකල්ප ලබාගත් බවයි.
ඇය හුදෙක් ගායිකාවක පමණක් නොව එක්තරා යුගයක ආත්මය නියෝජනය කළ කලාකාරිනියක් වූ අතර 1948 න් පසු සිංහල සුභාවිත සංගීතය පෝෂණය කිරීමට අතිමහත් මෙහෙවරක් කළාය.
ජාතිවාදී බෙදීම්වලට එරෙහිව හඬ අවදි කරමින් 'සිහල ගිනි දණ්ඩේ - දමිළ වෙඩි උණ්ඩේ' වැනි ප්‍රබල නිර්මාණ හරහා සමාජයට ප්‍රබල පණිවිඩයක් ලබා දුන් ඇයගේ නිර්මාණාත්මක දායකත්වය, ජාත්‍යන්තර තලයේ බොබ් ඩිලන් (Bob Dylan) හෝ මිරියම් මාකෙබා (Miriam Makeba) වැනි ලෝකප්‍රකට විප්ලවීය කලාකරුවන්ගේ භූමිකාවට සමාන කළ හැකි බවත් ඔහු පැවසීය.
එමෙන්ම 'සත්‍යයේ ගීතය', 'හේමන්තය' සහ 'පවන' වැනි ඇයගේ ප්‍රසංග මාලාවන් මෙරට ජනතා අරගලවල සහ සාධාරණත්වයේ හඬ බවට පත් වූ බව ඔහු පවසයි.
රජය විසින් ප්‍රකාශයට පත් කළ තෙදින ශෝක කාලය පිළිබඳවද මතක් කළ අමාත්‍යවරයා, නන්දා මාලිනිය සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ව මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදුකළ අනුපමේය මෙහෙවර සමස්ත ජාතියේම ප්‍රණාමයට ලක්විය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
Meta පැරදුණත් ජනතාව වහලුන්ද?.. - Meta නඩුව පිටුපස ඇති ඇත්ත මෙන්න..
22 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්..
ඇමරිකාවේ අභ්‍යවකාශ අභිලාෂයන් අවි තරඟයකට මඟ පෑදීමේ අවදානමක් පවතිනවා-ඉරානය අනතුරු අඟවයි
දුප්පත්කම සහ කටුක අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම ගිය විශාරද නන්දා මාලනීයගේ ජීවිත ගමනින් බිඳක්..
සුරේෂ් සලේට යුක්තිය ඉල්ලා අරඹුණු "JUSTICE FOR SALLAY" වැඩසටහන..
22 සංශෝධනය කළ හැක්කේ ජනතා මතය විමසීමකින් පමණයි.. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
පුරාවිද්‍යා පනත අහෝසිකර ජාතික උරුම පනත නමින් පනතක් ගේන්න බෙදුම්වාදීන් යෝජනා කරලා.. උතුරු සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන අනතුරේ.. 22 වන සංශෝධනයේ ඇත්ත කතාව මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්
සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්
මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්
ඩොලර් බිලියන 100 ඉක්මවූ වෙළඳ අතිරික්තයක් අඛණ්ඩව මාස තුනක්: චීනය ඇත්තටම ලෝකය “පීඩනයට” ලක් කරනවාද? — Global Times කතුවැකිය
රුසියා-යුක්රේන යුද්ධය තීරණාත්මක අවධියක: යුක්රේනයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක්..
ශ්‍රී ලංකාවට අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ ඩොලර් බිලියනයක් රටට අහිමි වූ ඛෙදවාචකය..
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්..
22 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් පාලනයකට ගෙන යාමේ අවදානමක්..
IMF ණයෙන් තුනෙන් එකකට තට්ටු කළ මහා මූල්‍ය වංචාව: කඩදාසි සමාගම් 105ක රහස එළියට.. බැංකු කළමනාකාරවරුන්ටත් මාංචු..
ජපානයේ "නිහඬ" ආර්ථික බෝම්බය: අනාගතයේ රටට මොකද වෙන්නේ?..