සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව විසින් ජනපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (23) දිනයේ යොමුකර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති එම ලිපියේ ඇය සඳහන් කරන්නේ මෙවැනි අදහසක්.
'' මම මේ ලිපිය ලියන්නේ දේශපාලනඥයෙකු ලෙසවත් නීතිඥයෙකු ලෙසවත් නොවේ. මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය. මගේ පුතු විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේශ් සලේ වසර තිස් හතක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළේය. ඔහු තම තරුණ කාලයත් පවුල සමග ගත කළ හැකි වටිනා වසර ගණනාවක්ද රට වෙනුවෙන් කැප කළේය. මවක් ලෙස ඔහු කළ ඒ කැපකිරීම මම හොඳින් දනිමි. අද වසර ගණනාවක සේවයෙන් පසු විශ්‍රාම ගොස් සිටින මගේ පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිට තම පුතු සිටිනු දැකීම වයෝවෘද්ධ මවක් වන මට ඉතා වේදනාකාරී අත්දැකීමකි.
ගරු ජනාධිපතිතුමනි,
මම කිසිදුු පරීක්‍ෂණයක් නතර කරන්නැයි ඉල්ලා නොසිටිමි. සාක්ෂි තිබේ නම් ඒවා විමර්ශනය කරන්න සත්‍ය සොයාගන්න.
නමුත් පරීක්ෂණය සිදුවන අතරතුර මගේ පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන්නැයි මම මවක් ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.
විමර්ශනය සාක්ෂි මත සිදුවිය යුතුය, රැඳවුම සාක්ෂිවලට ආදේශකයක් නොවිය යුතුය.
කරුණාකර මට ඔබතුමා හමුවීමට අවස්ථාවක් දෙන්න
මගේ කතාව ලිපියකින් කියවා අවසන් නොකර මගේ දෑස් දෙස බලා එය අසන්න .
මවකගේ වේදනාව මවකගෙන්ම අසන්න. මම කිසිදු විශේෂ වරප්‍රසාදයක් ඉල්ලා නොසිටිමි.මම ඉල්ලන්නේ යුක්තිය, මනුෂ්‍යත්වය සහ සාධාරණ අවස්ථාව පමණි.මගේ ජීවිතයේ මේ අවසන් කාලයේදී මගේම පුතුගේ නිදහස ඉල්ලා රටේ ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස ආයාචනා කිරීමට සිදුවීම මට ඉතා දුක්බර කරුණකි. අතිගරු ජනාධිපතිතුමනි, අද මම ඔබතුමාගෙන් ආයාචනා කරන්නේ ජනාධිපතිවරයා ලෙස පමණක් නොවේ.
පුතෙකු ලෙසත් මනුෂ්‍යයකු ලෙසත් මගේ හඬට සවන් දෙන්න මගේ පුතුට නිදහසේ නීතිය ඉදිරියේ මුහුණ දීමට අවස්ථාව ලබා දෙන්න.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..