News Category
From Date
To Date
Maximum Number of Result

‘ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කාලේ හිටපු ප්‍රධාන නායකයෙකුගේ බිරිඳක් අදත් ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්තුමියක්. එතුමිය රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවෙත් ලේකම්. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙත් ලේකම්’ යයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

පසුගිය සතියේ, අගමැති හරිනි අමරසූරිය මහත්මිය මහජන චීන සමූහාණ්ඩු රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබෙන පාසල් නිල ඇඳුම් තොගය භාරගන්නා අවස්ථාවේදි තායිවානය නිල වශයෙන් හඳුන්වනු ලබන ‘චීන ජනරජයට’ චීන තානාපති සහ අනෙකුත් නිලධාරීන් ඉදිරියේ ස්තූතිය පුද කිරීම මගින් ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික වරදක් කරනු ලැබීය.

මෙරට බලශක්තිය උත්පාදනය කර අතිරික්ත බලශක්තිය ‘බිම්ස්ටෙක්’ රටවලට අපනයනය කරන බව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අද (17) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ උපයන විට බද්ධ සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණි බවයි.

‍ෙඅභිනවයෙන් පත්වූ ජනාධිපති හමුවේ දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම හෙවත් රට මුහුණ දෙන අනතුර හමුවේ කුමක් කළ යුතුද යන වග හෙළිදරව් කරමින් එළි දක්වමින් මහජන සංදේශය සම්මුතියක් ලෙස අත්සන් තැබීම සියළුම ජාතික සංවිධාන වල සහභාගිත්වයෙන් ඊයේ (17) පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී සිදු විය.

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව සමඟ එකඟ වී ඇත්තේ සාම්පූර් ප‍්‍රදේශයේ සුර්ය විදුලි ව්‍යාපෘතියක් ඇතුළු කාරණාවලට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි. ඒ අනුව ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් ගණනකට එකඟ වූ බවට විපක්ෂය විසින් නගන චෝදනා අසත්‍ය බව ඇය අවධාරණය කරයි.

"යුක්රේනයට බටහිර ආයුධ සැපයීම සහ යුක්රේන අර්බුදය සාමකාමීව සමථයකට පත් කිරීමේ අපේක්ෂාවන්ට ඇති බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 20 වැනි දින අපි ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී Igor Kirillov ට එරෙහි ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය අපි අනිවාර්යයෙන්ම මතු කරනවා. "

රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 21 ඉන්දියාව සමග එකඟවූ එකඟතාවයේ දී එට්කා ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කරන බව ප්‍රකාශකර තිබූ බවත්, මෙවර එකඟතා ප්‍රකාශයේ ද ඒ පිළිබඳව සඳහන්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමේ දී එයට එරෙහිව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හඬ නැගූ බවත්, 2023 දී ප්‍රකාශකළ කතාවකින් ඔහු චෝදනා කර තිබුනේ ඉන්දියාව නොමැතිව මෙරට කිසිඳු ආර්ථිකමය, දේශපාලනික හා සංස්කෘතිමය තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයකට රනිල් වික්‍රමසිංහ රට පත්කිරීමට කටයුතු කරන බවත් යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.


ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.