News Category
From Date
To Date
Maximum Number of Result

ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ලබාගැනීමේ අයැදුම්පතක් අධිකරණයට ගොනුකරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සකු යැයි නම්කරන ලෙස පෙත්සම්කාර ඕෂල හේරත් ඉල්ලා සිටී.

මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ(18) එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

විදුලි බලය අතිරික්තයක් දැනට තිබුණත් අනාගතයේ ශ්‍රී ලංකාවේ ඇතිවන විදුලි බල ඉල්ලුම හමුවේ සැපිරිය නොහැකි තත්වයට පත්වෙන බවත් එවිට ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන තත්වයට පත් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

යුද්ධයෙන් දිනාගත නොහැකි වූ බෙදුම්වාදී සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් යුතුව සකස් කරන ලද හිමාලය ප්‍රකාශනය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු වැඩ මුළුවක් කොළඹ 5 ජානකී හෝටලයේදී පැවැත්වීමට අද(19) දින කටයුතු සම්පාදනය කර තිබුණි. එම වැඩමුළුවට විරෝධය පා සිංහල සංවිධාන එකමුතුව මගින් එම හෝටලය අභියස විරෝධතාවයක් පවත්වනු ලැබීය.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(19) වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තා වේ. ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත අද (17) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව පැවසේ.

"ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩිකරගෙන" හා "තෙල් අධ්‍යක්ෂකවරු මහජන මුදලින් කජු කති" යන මැයෙන් 2024 12 18 දින අරුණ පුවත් පතෙහි මුල් පිටුවේ පලවූ ප්‍රවෘත්ති මහජනතාව නොමග යවන සුළු කරුණු ඇතුලත් පුවත් වාර්තා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ ඒ එස් ද එස් රාජකරුණා මහතාගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත යවන ලද ලිපියකින් පවසයි.

"ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩිකරගෙන" හා "තෙල් අධ්‍යක්ෂකවරු මහජන මුදලින් කජු කති" යන මැයෙන් 2024 12 18 දින අරුණ පුවත් පතෙහි මුල් පිටුවේ පලවූ ප්‍රවෘත්ති මහජනතාව නොමග යවන සුළු කරුණු ඇතුලත් පුවත් වාර්තා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ ඒ එස් ද එස් රාජකරුණා මහතාගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත යවන ලද ලිපියකින් පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන රජයට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන බව යි


ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.