ජවිපෙ ආණ්ඩු විතරක් තිබුණොත්, ලංකාව දියුණුවන දවස ශක්‍රයා හෙළිකරයි...
දිනක්, ශ්‍රි ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, මාලදිවයින් ජනාධිපති, මොහොමඩ් මුයිසු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශක්‍ර දිව්‍ය රාජයා මුණ ගැසීමට උන්වහන්සේගේ භවනට ගියේය.
මේ තුන් දෙනාටම අවශ්‍ය වූයේ තම තමන්ගේ රටවල් ඇමරිකාවේ තත්වයට දියුණු වීමට කොපමණ කලක් ගතවේදැයි දැනගැනීමට ය.
“සක් දෙවිඳුනි, මගේ රට ඇමරිකාව තරම් දියුණු වෙන්නට තව කොපමණ කාලයක් යාවිද ?”
මෝදි, ශක්‍ර දිව්‍ය රාජයාගෙන් පළමුව විචාලේය.
“ඔබේ රට ඇමරිකාව තරම් දියුණු වෙන්න තව අවුරුදු 30 ක් පමණ ගත වේවි.”
ශක්‍ර දෙවියන් පැවසීය...
එවිට නරේන්ද්‍ර මෝදි මහ හඬින් හඬන්නට පටන් ගත්තේය.
“මොකද බං, භාරත් නරයෝ මේ අඬා වැටෙන්නෙ...?”
ශක්‍රයාට යකා නැග එසේ ඇසුවේය.
“අනේ දෙවියනේ මම උපන්නෙ 1950 සැප්තැම්බර් 17 වෙනිදා. දැන් මට වයස 76 යි, ඉන්දියාව දියුණු වෙලා තියනවා දකින්න මම තවත් අවුරුදු 30 ක් ඉන්න එකක් නෑ...”
කියා මෝදි නැවතත් හඬන්නට ගත්තේය.
ඊළඟ වාරය පැමිණියේ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ටය.
“ෂෙක්කර දෙයියෝ.., යෙපේ රෙට, යෙමෙරිකාවෙ ගාණට පෝෂත් වෙන්න තමා කොච්චරක් ටයිම් එකක් යාවිද අප්පා...?”
මොහොමඩ් මුයිසු ශක්‍රයාගෙන් ඇසීය.
“තව අවුරුදු 60 ක් විතර යාවි...!”
ඒ ඇසූ මොහොමඩ් මුයිසුද අඬන්නට පටන් ගත්තේය.
“ප්‍රසිඩන්ඩ් තම්බී මොකද මේ අඬන්නෙ...?”
ශක්‍රයා මොහොමඩ් මුයිසු ගෙන් එසේ ඇසුවේය.
“අයියා... මම බෝර්න් වුණේ 1978 ජුනි 15 වෙනිදා. දැන් මෙට වයෂ යෙවුරුදු 48 යි. තව යෙවුරුදු ඇටක් මට ලයිෆ් ටයිම් එකක් තමා නැතුව යෙති...! අයියෝ අල්ලාහ්...”
ඊළඟ වාරය ලැබුණේ, අපේ ජොකියා ටය.
“ආ... උඔලා ඒ කාලෙ කිව්වෙ අපි අබිං කියලා නේද ? මොකද මේ පැත්තෙ එන්න හිතුණෙ...?”
ශක්‍රයා අනුර කුමාරගෙන් ඇසුවේය.
“අනේ නෑ ශක්‍ර දේවතාවුන් වහන්ස, ඒ කාලෙ කොල්ලො චූන් කරන්න එහෙම කිව්වට අනිත් එවුන්ගෙයි අපේයි කියල දැන් වෙනසත් නෑ... උනුයි අපියි දැන් එකයි...”
අනුර කුමාර ලිස්සා ගියේය.
“මගේ හිතෙත් තියනවා ඇමරිකාවෙ ගාණටම පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්න... ලංකාව ඇමරිකාව ගාණට දියුණු කරන්න කොච්චර විතර කාලයක් යාවිද ශක්‍ර දේවතාවුන් වහන්ස...?”
අනුර කුමාරයා එසේ විචාලේය...
මඳ වේලාවක් කල්පනා කරමින් හිටපු ශක්‍ර දේවේන්ද්‍රයා එක් වරම මහ හඬින් හඬන්නට පටන් ගත්තේය. අනුර මෙන්ම ආසියාවේ අනෙක් නායකයන් දෙපළද හොල්මන් වී ඒ දෙස බලා සිටියේය.
“ලොක්කා ඔබතුමා අඬන්නෙ මොකෝ මේ ...?”
ලඟට කිට්ටු වී අනුර කුමාරයා සක්කරයාගෙන් එසේ ඇසුවේය.
“ඕයි... තමුසෙගෙ පක්ෂෙ ලේකම්, ටිල්වින් හාදයා මැයි දිනේ දවසෙ කිව්වා නේද මීට පස්සෙ තමුසෙලගෙ පක්ෂෙ ආණ්ඩු විතරයි තමුසෙලගෙ රටේ තියෙන්නෙ කියලා...?”
ශක්‍රයා අනුරගෙන් එසේ ඇසුවේද හොටු පෙරෙන, කඳුළු පිරි දෑසින්ම ය...
“එහෙමයි... එහෙමයි... අපි හිතාගෙන ඉන්නෙ වෙන කිසිම පක්ෂෙක එකෙකුට මීට පස්සෙ ලංකාවෙ ආණ්ඩු කරන්න නොදෙන්න තමයි...”
අනුර කුමාර ඒ කතාව අනුමත කරමින් පැවසුවේය....
“ඒක තමයි ඕයි මට ඇඬුණෙ... තමුසෙලගෙ ආණ්ඩු කාලෙක ලංකාව දියුණු වෙනවා බලන්න මමවත් ජීවතුන් අතර ඉන්නෙ නෑ ඕයි...”
ශක්‍රයාගේ ඇඬිල්ල දිගටම තිබූයෙන් රැඟෙන ගිය පිරිකර තබා තුන්දෙනාම නැවත පෘතුවියට ආවේය.
මෝදි ඉන්දියාවට ගිය අතර, මුයිසු අනුරත් එක්ක ලංකාවට ආවේ, අවබෝධතා ගිවිසුම් කීපයක් අත්සන් කිරීමටය.
- උපුල් ගලප්පත්ති
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..