ජවිපෙ ආණ්ඩු විතරක් තිබුණොත්, ලංකාව දියුණුවන දවස ශක්‍රයා හෙළිකරයි...
දිනක්, ශ්‍රි ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, මාලදිවයින් ජනාධිපති, මොහොමඩ් මුයිසු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශක්‍ර දිව්‍ය රාජයා මුණ ගැසීමට උන්වහන්සේගේ භවනට ගියේය.
මේ තුන් දෙනාටම අවශ්‍ය වූයේ තම තමන්ගේ රටවල් ඇමරිකාවේ තත්වයට දියුණු වීමට කොපමණ කලක් ගතවේදැයි දැනගැනීමට ය.
“සක් දෙවිඳුනි, මගේ රට ඇමරිකාව තරම් දියුණු වෙන්නට තව කොපමණ කාලයක් යාවිද ?”
මෝදි, ශක්‍ර දිව්‍ය රාජයාගෙන් පළමුව විචාලේය.
“ඔබේ රට ඇමරිකාව තරම් දියුණු වෙන්න තව අවුරුදු 30 ක් පමණ ගත වේවි.”
ශක්‍ර දෙවියන් පැවසීය...
එවිට නරේන්ද්‍ර මෝදි මහ හඬින් හඬන්නට පටන් ගත්තේය.
“මොකද බං, භාරත් නරයෝ මේ අඬා වැටෙන්නෙ...?”
ශක්‍රයාට යකා නැග එසේ ඇසුවේය.
“අනේ දෙවියනේ මම උපන්නෙ 1950 සැප්තැම්බර් 17 වෙනිදා. දැන් මට වයස 76 යි, ඉන්දියාව දියුණු වෙලා තියනවා දකින්න මම තවත් අවුරුදු 30 ක් ඉන්න එකක් නෑ...”
කියා මෝදි නැවතත් හඬන්නට ගත්තේය.
ඊළඟ වාරය පැමිණියේ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ටය.
“ෂෙක්කර දෙයියෝ.., යෙපේ රෙට, යෙමෙරිකාවෙ ගාණට පෝෂත් වෙන්න තමා කොච්චරක් ටයිම් එකක් යාවිද අප්පා...?”
මොහොමඩ් මුයිසු ශක්‍රයාගෙන් ඇසීය.
“තව අවුරුදු 60 ක් විතර යාවි...!”
ඒ ඇසූ මොහොමඩ් මුයිසුද අඬන්නට පටන් ගත්තේය.
“ප්‍රසිඩන්ඩ් තම්බී මොකද මේ අඬන්නෙ...?”
ශක්‍රයා මොහොමඩ් මුයිසු ගෙන් එසේ ඇසුවේය.
“අයියා... මම බෝර්න් වුණේ 1978 ජුනි 15 වෙනිදා. දැන් මෙට වයෂ යෙවුරුදු 48 යි. තව යෙවුරුදු ඇටක් මට ලයිෆ් ටයිම් එකක් තමා නැතුව යෙති...! අයියෝ අල්ලාහ්...”
ඊළඟ වාරය ලැබුණේ, අපේ ජොකියා ටය.
“ආ... උඔලා ඒ කාලෙ කිව්වෙ අපි අබිං කියලා නේද ? මොකද මේ පැත්තෙ එන්න හිතුණෙ...?”
ශක්‍රයා අනුර කුමාරගෙන් ඇසුවේය.
“අනේ නෑ ශක්‍ර දේවතාවුන් වහන්ස, ඒ කාලෙ කොල්ලො චූන් කරන්න එහෙම කිව්වට අනිත් එවුන්ගෙයි අපේයි කියල දැන් වෙනසත් නෑ... උනුයි අපියි දැන් එකයි...”
අනුර කුමාර ලිස්සා ගියේය.
“මගේ හිතෙත් තියනවා ඇමරිකාවෙ ගාණටම පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්න... ලංකාව ඇමරිකාව ගාණට දියුණු කරන්න කොච්චර විතර කාලයක් යාවිද ශක්‍ර දේවතාවුන් වහන්ස...?”
අනුර කුමාරයා එසේ විචාලේය...
මඳ වේලාවක් කල්පනා කරමින් හිටපු ශක්‍ර දේවේන්ද්‍රයා එක් වරම මහ හඬින් හඬන්නට පටන් ගත්තේය. අනුර මෙන්ම ආසියාවේ අනෙක් නායකයන් දෙපළද හොල්මන් වී ඒ දෙස බලා සිටියේය.
“ලොක්කා ඔබතුමා අඬන්නෙ මොකෝ මේ ...?”
ලඟට කිට්ටු වී අනුර කුමාරයා සක්කරයාගෙන් එසේ ඇසුවේය.
“ඕයි... තමුසෙගෙ පක්ෂෙ ලේකම්, ටිල්වින් හාදයා මැයි දිනේ දවසෙ කිව්වා නේද මීට පස්සෙ තමුසෙලගෙ පක්ෂෙ ආණ්ඩු විතරයි තමුසෙලගෙ රටේ තියෙන්නෙ කියලා...?”
ශක්‍රයා අනුරගෙන් එසේ ඇසුවේද හොටු පෙරෙන, කඳුළු පිරි දෑසින්ම ය...
“එහෙමයි... එහෙමයි... අපි හිතාගෙන ඉන්නෙ වෙන කිසිම පක්ෂෙක එකෙකුට මීට පස්සෙ ලංකාවෙ ආණ්ඩු කරන්න නොදෙන්න තමයි...”
අනුර කුමාර ඒ කතාව අනුමත කරමින් පැවසුවේය....
“ඒක තමයි ඕයි මට ඇඬුණෙ... තමුසෙලගෙ ආණ්ඩු කාලෙක ලංකාව දියුණු වෙනවා බලන්න මමවත් ජීවතුන් අතර ඉන්නෙ නෑ ඕයි...”
ශක්‍රයාගේ ඇඬිල්ල දිගටම තිබූයෙන් රැඟෙන ගිය පිරිකර තබා තුන්දෙනාම නැවත පෘතුවියට ආවේය.
මෝදි ඉන්දියාවට ගිය අතර, මුයිසු අනුරත් එක්ක ලංකාවට ආවේ, අවබෝධතා ගිවිසුම් කීපයක් අත්සන් කිරීමටය.
- උපුල් ගලප්පත්ති
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..