මහා භාණ්ඩාගාර මංකොල්ලය සහ මාලිමා සමාජමාධ්‍ය ක්‍රියාකරුවන්ගේ රසවින්දනය..
මාලිමාවේ රංග ජයවර්ධන නැමැත්තෙක් මහා භාණ්ඩාගාර මංකොල්ලය පිළිබදව ගෙතූ අපුරු කතන්දරයක් සංඛ චන්දිම අභයවර්ධන විසින් සිය මුහුණු පොතේ පළකර තිබේ.
එම කතාව මෙසේ පළකරන්නේ අපගේ පාඨකයන්ගේ දැනුම්වත් භාවය පිණිස සහ එම කතාව කියවා එම කතාවේ හාස්‍යයට යටින් ඇති ඕනෑම ආකාරයේ රසවින්දනයක් ලබා ගැනීම පිණිසමය.
Article
ඩොලර් මිලියන 2.5 ක් හැකර්ගේ ගිණුමට බැර වීම රටට නරක දෙයක් කියලයි නූගත් විපක්ෂය කියන්නෙ. ඒකෙන් පේන්නේ ඔවුන් මොන තරම් වහල්ලුද කියන එකයි. ඔවුන්ට වැරදුනේ මෙහෙමයි.
ශ්‍රී ලංකාවේ රජයේ විදේශ සංචිත ප්‍රමාණය මේ වෙද්දී ඩොලර් මිලියන 7020 දක්වා වැඩි වී තිබෙනවා. එතකොට හැක් වුණ මුදල ප්‍රතිශතාත්මකව 0.03%. ඒක කොච්චර සුට්ටක්ද කියන එක පේනවා නේද?
ඒ වගේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 54800 ක්. ඒ කියන්නෙ ගෙවිය යුතුව තිබූ ණයෙන් 0.004% ක් විතරයි හැක් වුණේ. ඒක තවදුරටත් කොච්චර සුට්ටක්ද කියන එක පේනවා නේද?
ඒ හින්දා ඔය හැක් වුණ මුදල ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි. හැබැයි මහින්ද උගන්ඩාවට ගෙනිච්ච ඩොලර් බිලියන 18 ගත්තොත් අන්න ඒකනම් ලොකු මුදලක්. අපි මුලින්ම හොයන්න ඕන උගන්ඩාවට හොරෙන් පටවපු ඩොලර් මිලියන 18000 මිසක්, හැක් වුණ ඩොලර් මිලියන 2.5 ක් ගැන නෙමෙයි.
රජයේ වෙබ් අඩවියක් හැක් වීම රටට නරක දෙයක් නෙමෙයි, ඇත්තටම රටට හොඳ දෙයක් වෙන්නේ මෙහෙමයි.
ඉස්සර රජයේ මුදලක් ගෙවද්දී අවුරුදු ගණන් ගත වෙනවා. ආයතන ගණනාවක් හරහා සීල් ගගහ ගිහිල්ල තමයි මුදල ගෙවීම අනුමත වෙන්නෙ. උදාහරණ ලෙස නාය යාමකට ලක් වුණ නිවසකට වන්දි ලැබෙද්දි, ඒ ගෘහ මූලිකයා මැරිලා, ඔහුගේ දරුවන්ට මුදල් ලැබුණ අවස්ථා එමටයි.
වත්මන් මාලිමා ආණ්ඩුව බලයට ආපු ගමන් රජයේ මුදල් ගෙවීම් ඩිජිටල් කරණය කළා. දැන් සට පට ගාලා ආණ්ඩුවේ මුදල් ගෙවනවා. ඉස්සර වගේ විශ්‍රාම වැටුප් පෝලිම්, මහපොල පෝලිම්, සමෘද්ධි පෝලිම්, ආධාර පෝලිම් නෑ නේද? ඒවා බොහෝමයක් දැන් ඩිජිටල්කරණය කරලයි තියෙන්නෙ.
අන්න ඒ වගේමතමයි, විදෙස් ණය පියවීම් ද ඩිජිටල් කරණය කර තිබෙනවා. එය විදෙස් ආයෝජන විදෙස් ණය දීම් දිරිගැන්වීමක්. ඇත්තටම මෙලෙස හැක් වීමෙන් ලෝකෙට දෙන පණිවිඩය තමයි, අපේ මාලිමා ආණ්ඩුව නිසා විදෙස් ණය පියවීම කඩිනම් කියන එක. ඇත්තටම මෙය අපේ රටට ලැබුණ නෙගටිව් මාකටින් කැම්පේන් එකක්. ෆී ඇඩ්වර්ටයිසින් එකක්.
ඉතින් මෙමෙ හැක් වීම නිසා ඉදිරියේදී වැඩි වැඩියෙන් අපේ රටට ණය සහ ආයෝජන ලැබීමට නියමිතයි. මොකද දැන් ලෝකම දන්නවා අපේ රට ඩිජිටල්කරණය කර ඇති බව. රජයේ මුදල් පියවීම් කඩිනම් බව මේකෙන් ලෝකට හෙළි වුණා. හරිනම් කරන්න ඕන භාණ්ඩාගාරයේ අදාල නිලධාරීන්ට උසස්වීමක් දීම.
පිඟන් හෝදන කෙනා අතින් තමයි පිඟන් බිඳෙන්නෙ. සී ආර් පොත් වල ලියනවා වෙනුවට වර්ඩ් ඩොකියුමන්ට් භාවිතා කිරීමේදී සමහර විට ඔයාගෙ වැදගත් ලියවිලි ඩීලීට් වෙනවා ඔබ ඇත් දැක ඇති. නමුත් ඉතින් විපක්ෂයේ මෝඩයින්ට මේ වගේ තාක්ෂණික කාරණා තේරෙන්නෙ නෑ. අන්න ඒ වගේ තමයි, ආණ්ඩුව ඩිජිටල් කරණය වුණාම එහි අතුරු ඵලයක් ලෙසට ඉතාමත් සුළු මුදල් හැක් වීම සාමාන්‍ය දෙයක්. අපි සලකා බලන්න ඕන සමස්ත ප්‍රතිඵලය මිසක් මේ වගේ හුදකලා සුළු සිදුවීම් ගැන නෙමෙයි.
හදවතට තට්‍ටු කරල බලන්න. අද ඔබ සතුටෙන් නෙමෙයි ද? දැන් රාජපක්ෂ ආණ්ඩුව නෑ. අද රට පාලනය කරන්නෙ වැඩ කරන ජනතාවගේ නායකයෙක්. ඒ නිසා මෙවැනි සුළු සිද්ධීන් අමතක කර, ආණ්ඩුව ගැනීමේ අරමුණ වන රාජපක්ෂලාට දඬුවම් කිරීමට ඉඩ සලසා දෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..