මහා භාණ්ඩාගාර මංකොල්ලය සහ මාලිමා සමාජමාධ්‍ය ක්‍රියාකරුවන්ගේ රසවින්දනය..
මාලිමාවේ රංග ජයවර්ධන නැමැත්තෙක් මහා භාණ්ඩාගාර මංකොල්ලය පිළිබදව ගෙතූ අපුරු කතන්දරයක් සංඛ චන්දිම අභයවර්ධන විසින් සිය මුහුණු පොතේ පළකර තිබේ.
එම කතාව මෙසේ පළකරන්නේ අපගේ පාඨකයන්ගේ දැනුම්වත් භාවය පිණිස සහ එම කතාව කියවා එම කතාවේ හාස්‍යයට යටින් ඇති ඕනෑම ආකාරයේ රසවින්දනයක් ලබා ගැනීම පිණිසමය.
Article
ඩොලර් මිලියන 2.5 ක් හැකර්ගේ ගිණුමට බැර වීම රටට නරක දෙයක් කියලයි නූගත් විපක්ෂය කියන්නෙ. ඒකෙන් පේන්නේ ඔවුන් මොන තරම් වහල්ලුද කියන එකයි. ඔවුන්ට වැරදුනේ මෙහෙමයි.
ශ්‍රී ලංකාවේ රජයේ විදේශ සංචිත ප්‍රමාණය මේ වෙද්දී ඩොලර් මිලියන 7020 දක්වා වැඩි වී තිබෙනවා. එතකොට හැක් වුණ මුදල ප්‍රතිශතාත්මකව 0.03%. ඒක කොච්චර සුට්ටක්ද කියන එක පේනවා නේද?
ඒ වගේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 54800 ක්. ඒ කියන්නෙ ගෙවිය යුතුව තිබූ ණයෙන් 0.004% ක් විතරයි හැක් වුණේ. ඒක තවදුරටත් කොච්චර සුට්ටක්ද කියන එක පේනවා නේද?
ඒ හින්දා ඔය හැක් වුණ මුදල ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි. හැබැයි මහින්ද උගන්ඩාවට ගෙනිච්ච ඩොලර් බිලියන 18 ගත්තොත් අන්න ඒකනම් ලොකු මුදලක්. අපි මුලින්ම හොයන්න ඕන උගන්ඩාවට හොරෙන් පටවපු ඩොලර් මිලියන 18000 මිසක්, හැක් වුණ ඩොලර් මිලියන 2.5 ක් ගැන නෙමෙයි.
රජයේ වෙබ් අඩවියක් හැක් වීම රටට නරක දෙයක් නෙමෙයි, ඇත්තටම රටට හොඳ දෙයක් වෙන්නේ මෙහෙමයි.
ඉස්සර රජයේ මුදලක් ගෙවද්දී අවුරුදු ගණන් ගත වෙනවා. ආයතන ගණනාවක් හරහා සීල් ගගහ ගිහිල්ල තමයි මුදල ගෙවීම අනුමත වෙන්නෙ. උදාහරණ ලෙස නාය යාමකට ලක් වුණ නිවසකට වන්දි ලැබෙද්දි, ඒ ගෘහ මූලිකයා මැරිලා, ඔහුගේ දරුවන්ට මුදල් ලැබුණ අවස්ථා එමටයි.
වත්මන් මාලිමා ආණ්ඩුව බලයට ආපු ගමන් රජයේ මුදල් ගෙවීම් ඩිජිටල් කරණය කළා. දැන් සට පට ගාලා ආණ්ඩුවේ මුදල් ගෙවනවා. ඉස්සර වගේ විශ්‍රාම වැටුප් පෝලිම්, මහපොල පෝලිම්, සමෘද්ධි පෝලිම්, ආධාර පෝලිම් නෑ නේද? ඒවා බොහෝමයක් දැන් ඩිජිටල්කරණය කරලයි තියෙන්නෙ.
අන්න ඒ වගේමතමයි, විදෙස් ණය පියවීම් ද ඩිජිටල් කරණය කර තිබෙනවා. එය විදෙස් ආයෝජන විදෙස් ණය දීම් දිරිගැන්වීමක්. ඇත්තටම මෙලෙස හැක් වීමෙන් ලෝකෙට දෙන පණිවිඩය තමයි, අපේ මාලිමා ආණ්ඩුව නිසා විදෙස් ණය පියවීම කඩිනම් කියන එක. ඇත්තටම මෙය අපේ රටට ලැබුණ නෙගටිව් මාකටින් කැම්පේන් එකක්. ෆී ඇඩ්වර්ටයිසින් එකක්.
ඉතින් මෙමෙ හැක් වීම නිසා ඉදිරියේදී වැඩි වැඩියෙන් අපේ රටට ණය සහ ආයෝජන ලැබීමට නියමිතයි. මොකද දැන් ලෝකම දන්නවා අපේ රට ඩිජිටල්කරණය කර ඇති බව. රජයේ මුදල් පියවීම් කඩිනම් බව මේකෙන් ලෝකට හෙළි වුණා. හරිනම් කරන්න ඕන භාණ්ඩාගාරයේ අදාල නිලධාරීන්ට උසස්වීමක් දීම.
පිඟන් හෝදන කෙනා අතින් තමයි පිඟන් බිඳෙන්නෙ. සී ආර් පොත් වල ලියනවා වෙනුවට වර්ඩ් ඩොකියුමන්ට් භාවිතා කිරීමේදී සමහර විට ඔයාගෙ වැදගත් ලියවිලි ඩීලීට් වෙනවා ඔබ ඇත් දැක ඇති. නමුත් ඉතින් විපක්ෂයේ මෝඩයින්ට මේ වගේ තාක්ෂණික කාරණා තේරෙන්නෙ නෑ. අන්න ඒ වගේ තමයි, ආණ්ඩුව ඩිජිටල් කරණය වුණාම එහි අතුරු ඵලයක් ලෙසට ඉතාමත් සුළු මුදල් හැක් වීම සාමාන්‍ය දෙයක්. අපි සලකා බලන්න ඕන සමස්ත ප්‍රතිඵලය මිසක් මේ වගේ හුදකලා සුළු සිදුවීම් ගැන නෙමෙයි.
හදවතට තට්‍ටු කරල බලන්න. අද ඔබ සතුටෙන් නෙමෙයි ද? දැන් රාජපක්ෂ ආණ්ඩුව නෑ. අද රට පාලනය කරන්නෙ වැඩ කරන ජනතාවගේ නායකයෙක්. ඒ නිසා මෙවැනි සුළු සිද්ධීන් අමතක කර, ආණ්ඩුව ගැනීමේ අරමුණ වන රාජපක්ෂලාට දඬුවම් කිරීමට ඉඩ සලසා දෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..