ඊනියා අරගලකරුවන් දෙමළාගේ පරාජය පිළිබඳව දුක් වීම හාස්‍යජනක ය..
දෙමළුන් සිය ජාතික පරාජය පිළිබඳව දුක් වීම සාධාරණ ය. නමුත් තරිඳු උඩුවරගෙදර ඇතුළු ඊනියා අරගලකරුවන් දෙමළාගේ පරාජය පිළිබඳව දුක් වීම හාස්‍යජනක ය.
සිය දේශපාලන ප්‍රතිවාදීන් සොය සොයා දඩයම් කළේ තරිඳු සහ අරගලකරුවන් ය.
නිරායුධ කාන්තාවන්ගේ ඇඳුම් ඉරා පාර දිගේ ඇද ගෙන ගොස් දියේ ගිල්වා දැම්මේ තරිඳු සහ අරගලකරුවන් ය.
ප්‍රාණ බයේ පලා යන ප්‍රතිවාදීන් ලුහුබැඳ ගොස් පොලුවලින් ගසා ප්‍රසිද්ධියේ මරා දැම්මේ තරිඳු සහ අරගලකරුවන් ය.
ආරක්ෂාව පතා නිවෙස් වෙත යමින් සිටි සිවිල් වැසියන් බස්වලින් එළියට ඇද පොලු මුගුරුවලින් පහර දුන්නේ තරිඳු සහ අරගලකරුවන් ය.
ලේ පෙරා ගෙන ඉස්පිරිතාල වෙත දිව එන රෝගීන්ට ගිලන් ඇඳ මතදී පහර දුන්නේ තරිඳු සහ අරගලකරුවන් ය.
පාසල් දරුවන්ගේ පොත් සහතික පාසල් බෑග් සහ සුදු ඇඳුම්වලට පෙට්‍රල් වත් කොට ගිනි තබා විනාශ කළේ තරිඳු සහ අරගලකරුවන් ය.
සිය ප්‍රතිවාදීන්ගේ නිවාස බිඳ ගැහැණුන්ගේ රිදී රත්තරන් කොල්ල කා බඩු මුට්ටු සොරා ගෙන ගිනි තබා විනාශ කළේ තරිඳු සහ අරගලකරුවන් ය.
නීත්‍යානුකූලව ජනතා පරමාධිප්‍යයයෙන් තෝරා ගත් ජනාධිපති, අගමැති, ඇමතිවරු සහ මන්ත්‍රීවරු පමණක් නොව ඔවුන්ගේ දරු පවුල් පවා “දූෂණය කර මරා දමමු” කියා පැමිණියේ තරිඳු සහ අරගලකරුවන් ය.
එහෙව් කරපු උඹද තරිඳු මේ දෙමළාට වුණයි කියන අපරාධ ගැන කථා කරන්නේ 🤣🤣🤣🤣
අනේ නිකන් පලයන් දෙබිඩ්ඩො යන්න!
තෙල් හිඟ වුණා කියලා, විදුලිය කැපුවා කියලා, පෝර ප්‍රමාද වුණා කියලා, ජනතාව පීඩාවට පත් කෙරුවාය කියලා උඹලට ඔහොම අපරාධ කරන්න පුළුවන් නම්, ඒ අපරාධ කළේ ජනතාව වෙනුවෙන් කියලා නඩුවලින් නිදහස ඉල්ලන්නත් පුළුවන් නම්…
…එදා ඔය පිරපාහරන් සහ උගේ කොටි ත්‍රස්තයන් මායිම් ගම්මානවල අහිංසක සිංහල මුස්ලිම් අම්මලාට වෙඩි තියන නිසා, ශ්‍රී මහා බෝධියේ සිල් ගත්ත බෞද්ධයන්ට වෙඩි තියන නිසා, මඩු පල්ලියට යන කතෝලිකයන්ට වෙඩි තියන නිසා, මහා බැංකුවට, ගුවන් තොටුපොළට, තෙල් පිරිපහදුවට බෝම්බ ගහන නිසා, කැබිතිගොල්ලෑවේ ඉඳලා රට පුරා බස්වලත් දෙහිවල ඉඳලා රට පුරා දුම්රිය ස්ථානවලත් ක්ලේමෝ බෝම්බ පුපුරුවලා අහිංසක ජනතාව මරණ නිසා, දොරෙඅප්පා සිට කදිරගාමර් දක්වා තමන්ගේ ම වරිගේ උන්වත් මරණ නිසා, තමන්ගේ ම වරිගේ ගෑණුන්ගේ බඩේ බෝම්බ බැඳලා, දරුවන්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලලා ටී56 අවි අතට දීලා මරාගෙන මැරෙන්න එවන නිසා, මුළු රටේම ආර්ථිකය අවුරුදු තිහක් තිස්සේ විනාශ කරන නිසා ඇතුළු තවත් බොහෝ හේතු නිසා එහෙනම් ඔය කොටියන්ට දුන්නු සත්තම මදිනේ යකෝ!
යුද්ධයෙන් මිය ගිය දෙමළා මිය ගියේ උන්ගේ අරමුණ වෙනුවෙන්. උන් ඔය ඊළම දිනා ගත්තා නම් ඔය මැරුණ එකෙකුවත් අහිංසකයෙක් වෙන්නේ නැහැනේ.
එහෙනම් උන් ඔක්කොම උන්ගේ සදාතනික යුධ විරුවන්. පරම්පරා ගාණකට අමතක නොවෙන්න උන් ලොකු එකෙන් ම ඉල්ලාගෙන් කෑව නිසා උන් දැන් දුක් වෙනවා. ඒක උන්ගේ අයිතිය.
ඒත් තරිඳු උඹ වගේ සාහසික තක්කඩි අරගලකාරයෙකුට ඒ දෙමළාගේ හෝ කාගේ හෝ දුක වෙනුවෙන් පෙනී සිටින්න සදාචාරාත්මක අයිතියක් නැහැ.
එහෙම කරනවා නම් උඹ දෙබිඩි බොරුකාරයෙක්. හැබැයි උඹේ ඔය ඩයස්පොරා ඩොලර් රංගනය කරන එක හොඳයි. ජයග්‍රහණය තිබෙන්නේ පරාජිතයාගේ මතකය තුළයි.
ධර්මය ඔබට මග වේවා!
- එරන්ද ගිනිගේ
2026 මැයි 18
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..