ඊනියා අරගලකරුවන් දෙමළාගේ පරාජය පිළිබඳව දුක් වීම හාස්‍යජනක ය..
දෙමළුන් සිය ජාතික පරාජය පිළිබඳව දුක් වීම සාධාරණ ය. නමුත් තරිඳු උඩුවරගෙදර ඇතුළු ඊනියා අරගලකරුවන් දෙමළාගේ පරාජය පිළිබඳව දුක් වීම හාස්‍යජනක ය.
සිය දේශපාලන ප්‍රතිවාදීන් සොය සොයා දඩයම් කළේ තරිඳු සහ අරගලකරුවන් ය.
නිරායුධ කාන්තාවන්ගේ ඇඳුම් ඉරා පාර දිගේ ඇද ගෙන ගොස් දියේ ගිල්වා දැම්මේ තරිඳු සහ අරගලකරුවන් ය.
ප්‍රාණ බයේ පලා යන ප්‍රතිවාදීන් ලුහුබැඳ ගොස් පොලුවලින් ගසා ප්‍රසිද්ධියේ මරා දැම්මේ තරිඳු සහ අරගලකරුවන් ය.
ආරක්ෂාව පතා නිවෙස් වෙත යමින් සිටි සිවිල් වැසියන් බස්වලින් එළියට ඇද පොලු මුගුරුවලින් පහර දුන්නේ තරිඳු සහ අරගලකරුවන් ය.
ලේ පෙරා ගෙන ඉස්පිරිතාල වෙත දිව එන රෝගීන්ට ගිලන් ඇඳ මතදී පහර දුන්නේ තරිඳු සහ අරගලකරුවන් ය.
පාසල් දරුවන්ගේ පොත් සහතික පාසල් බෑග් සහ සුදු ඇඳුම්වලට පෙට්‍රල් වත් කොට ගිනි තබා විනාශ කළේ තරිඳු සහ අරගලකරුවන් ය.
සිය ප්‍රතිවාදීන්ගේ නිවාස බිඳ ගැහැණුන්ගේ රිදී රත්තරන් කොල්ල කා බඩු මුට්ටු සොරා ගෙන ගිනි තබා විනාශ කළේ තරිඳු සහ අරගලකරුවන් ය.
නීත්‍යානුකූලව ජනතා පරමාධිප්‍යයයෙන් තෝරා ගත් ජනාධිපති, අගමැති, ඇමතිවරු සහ මන්ත්‍රීවරු පමණක් නොව ඔවුන්ගේ දරු පවුල් පවා “දූෂණය කර මරා දමමු” කියා පැමිණියේ තරිඳු සහ අරගලකරුවන් ය.
එහෙව් කරපු උඹද තරිඳු මේ දෙමළාට වුණයි කියන අපරාධ ගැන කථා කරන්නේ 🤣🤣🤣🤣
අනේ නිකන් පලයන් දෙබිඩ්ඩො යන්න!
තෙල් හිඟ වුණා කියලා, විදුලිය කැපුවා කියලා, පෝර ප්‍රමාද වුණා කියලා, ජනතාව පීඩාවට පත් කෙරුවාය කියලා උඹලට ඔහොම අපරාධ කරන්න පුළුවන් නම්, ඒ අපරාධ කළේ ජනතාව වෙනුවෙන් කියලා නඩුවලින් නිදහස ඉල්ලන්නත් පුළුවන් නම්…
…එදා ඔය පිරපාහරන් සහ උගේ කොටි ත්‍රස්තයන් මායිම් ගම්මානවල අහිංසක සිංහල මුස්ලිම් අම්මලාට වෙඩි තියන නිසා, ශ්‍රී මහා බෝධියේ සිල් ගත්ත බෞද්ධයන්ට වෙඩි තියන නිසා, මඩු පල්ලියට යන කතෝලිකයන්ට වෙඩි තියන නිසා, මහා බැංකුවට, ගුවන් තොටුපොළට, තෙල් පිරිපහදුවට බෝම්බ ගහන නිසා, කැබිතිගොල්ලෑවේ ඉඳලා රට පුරා බස්වලත් දෙහිවල ඉඳලා රට පුරා දුම්රිය ස්ථානවලත් ක්ලේමෝ බෝම්බ පුපුරුවලා අහිංසක ජනතාව මරණ නිසා, දොරෙඅප්පා සිට කදිරගාමර් දක්වා තමන්ගේ ම වරිගේ උන්වත් මරණ නිසා, තමන්ගේ ම වරිගේ ගෑණුන්ගේ බඩේ බෝම්බ බැඳලා, දරුවන්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලලා ටී56 අවි අතට දීලා මරාගෙන මැරෙන්න එවන නිසා, මුළු රටේම ආර්ථිකය අවුරුදු තිහක් තිස්සේ විනාශ කරන නිසා ඇතුළු තවත් බොහෝ හේතු නිසා එහෙනම් ඔය කොටියන්ට දුන්නු සත්තම මදිනේ යකෝ!
යුද්ධයෙන් මිය ගිය දෙමළා මිය ගියේ උන්ගේ අරමුණ වෙනුවෙන්. උන් ඔය ඊළම දිනා ගත්තා නම් ඔය මැරුණ එකෙකුවත් අහිංසකයෙක් වෙන්නේ නැහැනේ.
එහෙනම් උන් ඔක්කොම උන්ගේ සදාතනික යුධ විරුවන්. පරම්පරා ගාණකට අමතක නොවෙන්න උන් ලොකු එකෙන් ම ඉල්ලාගෙන් කෑව නිසා උන් දැන් දුක් වෙනවා. ඒක උන්ගේ අයිතිය.
ඒත් තරිඳු උඹ වගේ සාහසික තක්කඩි අරගලකාරයෙකුට ඒ දෙමළාගේ හෝ කාගේ හෝ දුක වෙනුවෙන් පෙනී සිටින්න සදාචාරාත්මක අයිතියක් නැහැ.
එහෙම කරනවා නම් උඹ දෙබිඩි බොරුකාරයෙක්. හැබැයි උඹේ ඔය ඩයස්පොරා ඩොලර් රංගනය කරන එක හොඳයි. ජයග්‍රහණය තිබෙන්නේ පරාජිතයාගේ මතකය තුළයි.
ධර්මය ඔබට මග වේවා!
- එරන්ද ගිනිගේ
2026 මැයි 18
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..