News Category
From Date
To Date
Maximum Number of Result

ඝාතනයට ලක්වූ කුරුණෑගල "ඩයනා" ගැන සවිස්තරාත්මක කතාවක්..

May 2, 2026 at 06:55 AM
|

යුද ගැටුම් මධ්‍යයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා මේ දිනවල ඇමරිකාවේ චාරිකාවක යෙදී සිටීම ලොව ප්‍රධානම පුවතකි. චාල්ස් ගැන කියැවෙනකොට ක්ෂණයකින් මතකයට එන අනෙක් නම ඩයනාය. චාල්ස් කුමාරයාගේ බිරිඳ සේම ඇය සතුවූ අපූරු මනබඳිනා රුව නිසාම අකාලයේ මියගියද ඩයනා ලොව පුරාම අදටත් ප්‍රසිද්ධ කාන්තා චරිතයකි.

අප කියන්නට යන මේ කතාවේ ඩයනාද ශ්‍රී ලංකාව පුරාම යම් තරමකට ප්‍රසිද්ධ චරිතයකි. විශේෂයෙන්ම කුරුණෑගල නගරයේ සිටින ඩයනා කිවහොත් ඈ ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. මේ කියන ඩයනා ලොව ඉපැරැණිම වෘත්තියට හිමිකම් කියූ වීදිසරණ අභිසරුලියකි.

මේ ඩයනා පෙරේදා (29) පස්වරුවේදී ඝාතනයට ලක්ව ඇති බව අනාවරණය කරනු ලැබුවේ දොරටියාව පොලීසිය විසින්ය. ඇය තමන්ගේ සේවය පතා පැමිණි පුද්ගලයෙකු අතින් ඝාතනයට ලක්ව ඇති බව එහිදී කියැවිණි. ඒ දොරටියාව පොලිස් වසමට අයත් දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සමන්පුර ප්‍රදේශය හරහා ගලා බසින දෙනගමුව ඇළේ ගිල්වා ඇය ඝාතනය කරන්නට ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පළතුරු වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දොරටියාව පොලීසිය සඳහන් කළේය. සැකකරු දඹුල්ලේ පදිංචි හතළිස්පස් හැවිරිදි අයෙකු බව කියයි. 

පෙරේදා (29) පස්වරුවේ ත්‍රීරෝද රථ රියැදුරෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව එම පළතුරු වෙළෙන්දා සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම කාන්තාව සමග කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සමන්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන ලැගුම්හළකට ගොස් සැකකරු සමග පිටව ගොස් ඇති බවද ඉන් අනතුරුව ඇය දක්නට නොලැබුණු බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.

පෙරේදා පස්වරුවේ කුරුණෑගල ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබී තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු එම කාන්තාව සමග සමන්පුර ප්‍රදේශය හරහා ගලාබසින දෙනගමුව ඇළට බැස සිටි බව පැවසේ. එම අවස්ථාවේදී වර්ෂාපතනය නිසා ඇළ මාර්ගය ජලයෙන් පිරී ගලාගෙන ගිය බවද සැකකරු එම කාන්තාව සමග ජලයේ පොර බදිමින් සිටිනවා හා සමාන සිදුවීමක් තමන් දුටු බවද තොරතුරු ලබාදුන් ත්‍රීරෝද රථ රියැදුරා පොලීසියට පවසා ඇත.

මේ අනුව සැකකාර පළතුරු වෙළෙන්දා එම කාන්තාව සමග ආරාවුලක් ඇතිකරගෙන ඇය ජලයේ ගිල්වා මරා දමන්නට ඇතැයි යන සැකය පොලීසියට පවතී. කෙසේ වුවද ඊයේ (30) පෙරවරුවේදීම ඩයනාගේ පණ සුන් සිරුර සිද්ධිය වූ බව පැවසෙන ස්ථානය ආසන්නයේම වූ දෙනගමුව ඇළේ රැඳී තිබියදීම සොයා ගැනීමට දොරටියාව පොලීසියේ නිලධාරින් සමත් වූහ.

නීතිවිරෝධී ගංජා අලෙවිකිරීමේ චෝදනාව යටතේ දොරටියාව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකුට ඇප මුදල් බැඳීම සඳහා සැකකරු පෙරේදා කුරුණෑගල පැමිණ ඇති අතර එම කාර්යය නිමකර කුරුණෑගල නගරයට පැමිණි පසුව මේ අභිසරු ලිය ඔහුට හමුවී ඇති බවද පැවසේ.

පසුව රුපියල් දෙදහස් පන්සීයක මුදලකට ඇගේ සේවය ලබාගැනීම සඳහා පොරොන්දු වී සමන්පුර ලැගුම්හලකට ගිය බවද එහිදී තමන් වයස්ගතව සිටින වන බව පවසා රුපියල් දහසක මුදලක් පමණක් තමන්ගෙන් ඇය ලබාගත් බවද සැකකරු පවසා ඇත. මෙම ලැගුම්හලද ඩයනා නිතරම තම සේවාදායකයින් රැගෙන යන ස්ථානයක් බවද කියයි. එහිදී තම අවශ්‍යතාවය නිමකර එම කාන්තාව සමග ලැගුම්හලෙන් පිටව ගිය පසු ඇය නොදුටු බවද ඔහු ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව තමන්ට ඇතිවූ බඩේ අමාරුවක් නිසා ශරීර කෘතිය කර ගැනීමට ඇළට බැස්ස බවද ඔහු පොලීසියට පවසා ඇත.

ඩයනාගේ වෘත්තීය කුමක් වුවද ඇය පිළිබඳව ⁣තොරතුරු දන්නා විශාල පිරිසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකර සිටින බවද දැනගැන්මට ලැබේ. බොහෝ දෙනෙකු ඇය පිළිබඳව පවසා සිටියේ ඇය කිසිවෙකුටත් කරදරයක් නොකොට පාඩුවේ නිහඬව තමන්ගේ කාර්යය සිදුකරගෙන ගිය කාන්තාවක් වන බවය.

ඇයගේ සැබෑ නාමය , ස්ථිර පදිංචිය , පවුලේ විස්තර ආදිය කිසිවෙකු නොදනී. ඇතැමුන් පැවසුවේ ඩයනා කුරුණෑගල කෙළිමුනේ ස්ථිර පදිංචිකාරියක බවය. එනිසාම ඇය හැඳින්වූයේ ඩයනා යන අනවර්ථ නාමයෙනි. මීට වසර හතළිහකට පමණ ඉහතදී ලෝකයේ ඉපැරැණිම වෘත්තීයට පිවිසෙන විට ඇය ඉතාම රූමත් තරුණියක් බව ප්‍රසිද්ධය. එම කාලවකවාණුව බ්‍රිතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරිය ලොව පුරා ඉතාම ජනප්‍රියව සිටි කාලයයි. ඇගේ කොණ්ඩා මෝස්තරය ලොව පුරා සිටි කාන්තාවන් උන්මාදයට පත් කළ මෝස්තරයක් විය. මේ කොණ්ඩා මෝස්තරය ප්‍රසිද්ධ වූයේ " ඩයනා කට් " නමින්ය. එනිසාම ලොව පුරා කාන්තාවන් ඩයනා කුමරියගේ මේ මනස්කාන්ත කොණ්ඩා මෝස්තරය අනුගමනය කළහ.

කුරුණෑගල සිටි මේ කාන්තාවද එදා සැරසී සිටියේ මේ කොණ්ඩා මෝස්තරයෙන්ය. එනිසාම ඇය හඳුන්වීමට පටන්ගනු ලැබුවේ ඩයනා යන අන්වර්ථ නමින්ය. මේ නම සමග ඇයගේ වෘත්තීය කොතරම් ප්‍රසිද්ධ වූවාද යත් ඇගේ පහස සොයා බොහෝ දෙනෙකු ඇදී ආවාට සැකයක් නැත. ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ වලට සම්බන්ධ පිරිස් වූ බවද ප්‍රසිද්ධ කරුණකි. මේ ප්‍රසිද්ධිය කුරුණෑගලට පමණක් නොව කුරුණෑගලින් පිටතටද පැතිර ගොස් තිබිණි. මේ නිසාම සමාජ සමීක්ෂණ සඳහාද ඩයනා යොදාගෙන තිබිණි. ඉන් අනතුරුව ආරම්භ වූ සමාජ මාධ්‍ය ඔස්සේද බොහෝ දෙනෙකු මේ ඩයනා පිළිබඳව කතා කළ අයුරු දැකගැනීමට ලැබිණි. ඇතැම් අවස්ථා වල ඇය හාස්‍ය මැවීම සඳහාද යොදාගෙන තිබිණි. සමාජ මාධ්‍ය ජාලා කීපයකම සම්මුඛ සාකච්ඡා වලටද ඩයනා සහභාගි වූ ආකාරයද ප්‍රසිද්ධ කරුණකි.

ඩයනා මුදල් පසුපසම තම වෘත්තිය වෙනුවෙන් හඹා නොගිය කතක් ලෙස ප්‍රකටය. ඇය කිසිවිටෙකත් ලාබාල තරුණයන් හෝ පාසල් සිසුන් සඳහා තම කය නොවිකිණූ කතක් ලෙසද ප්‍රකටය. විශේෂයන්ම කුරුණෑගල නගරයේ නිකරුණේ රස්තියාදු ගසන පාසල් සිසුසිසුවියන්ට බැණ වැදී ඔවුන්ට නිවෙස් වලට යන ලෙස දැනුම් දෙන අයුරුද බොහෝ අය දැක ඇති දසුනකි. මේ නිසාම ඇයද දරුවන් සිටින ආදරණීය මවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එසේම නගරයට කරදරයක් වන ආකාරයට අභිසරුලියන් බෝ නොකළ කතක් ලෙසද ජනතාව ඇය හඳුනති.

මේ ඩයනා තුරුණු වියේදීම මෙවැනි වෘත්තීයකට පිවිසියේ ඇයට සිදුවූ යම් වරදක් නිසා විය හැකිය. ඒ වැරැදී ගිය තැන ඇයට නිවැරැදි කරගැනීමට නොහැකි වූ නිසා හෝ වෙන කිසිදු පිළිසරණක් නොවූ නිසාම මෙවැනි වෘත්තියකට පිවිසෙන්නට ඇතැයි සිතිය හැකිය. අවසානයේදී මේ වෘත්තීයම ඇයට මරු කැඳවන්නටද හේතු විය.

මේ ඩයනා පිළිබඳව මුහුණු පොතේ පළකර තිබූ සටහනකි.

“ මාගේ පියාණන්ගේ අනුස්මරණය වෙනුවෙන් බත් පැකට් බෙදුවා, වීදී ජනයා සහ බස් නැතුව අසරණ අය වෙනුවෙන්. ඇයත් බත් එකක් ඉල්ලා ගත්ත. මම කිව්වා එකක් මදි නම් දෙකක් වුනත් දෙන්නම් කියලා.ඇය කිව්වා මම දෙකක් කෑවොත් තව කව්රු හරි බඩගින්නේ ඉඳි නේද පුතා, කියලා “. මේ ඩයනා අනුන් ගැනද සිතූ කාන්තාවකි.

"දිනපතා අරුණ" පත්තරෙන් ..

(පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.