News Category
From Date
To Date
Maximum Number of Result

ඝාතනයට ලක්වූ කුරුණෑගල "ඩයනා" ගැන සවිස්තරාත්මක කතාවක්..

May 2, 2026 at 06:55 AM
|

යුද ගැටුම් මධ්‍යයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා මේ දිනවල ඇමරිකාවේ චාරිකාවක යෙදී සිටීම ලොව ප්‍රධානම පුවතකි. චාල්ස් ගැන කියැවෙනකොට ක්ෂණයකින් මතකයට එන අනෙක් නම ඩයනාය. චාල්ස් කුමාරයාගේ බිරිඳ සේම ඇය සතුවූ අපූරු මනබඳිනා රුව නිසාම අකාලයේ මියගියද ඩයනා ලොව පුරාම අදටත් ප්‍රසිද්ධ කාන්තා චරිතයකි.

අප කියන්නට යන මේ කතාවේ ඩයනාද ශ්‍රී ලංකාව පුරාම යම් තරමකට ප්‍රසිද්ධ චරිතයකි. විශේෂයෙන්ම කුරුණෑගල නගරයේ සිටින ඩයනා කිවහොත් ඈ ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. මේ කියන ඩයනා ලොව ඉපැරැණිම වෘත්තියට හිමිකම් කියූ වීදිසරණ අභිසරුලියකි.

මේ ඩයනා පෙරේදා (29) පස්වරුවේදී ඝාතනයට ලක්ව ඇති බව අනාවරණය කරනු ලැබුවේ දොරටියාව පොලීසිය විසින්ය. ඇය තමන්ගේ සේවය පතා පැමිණි පුද්ගලයෙකු අතින් ඝාතනයට ලක්ව ඇති බව එහිදී කියැවිණි. ඒ දොරටියාව පොලිස් වසමට අයත් දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සමන්පුර ප්‍රදේශය හරහා ගලා බසින දෙනගමුව ඇළේ ගිල්වා ඇය ඝාතනය කරන්නට ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පළතුරු වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දොරටියාව පොලීසිය සඳහන් කළේය. සැකකරු දඹුල්ලේ පදිංචි හතළිස්පස් හැවිරිදි අයෙකු බව කියයි. 

පෙරේදා (29) පස්වරුවේ ත්‍රීරෝද රථ රියැදුරෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව එම පළතුරු වෙළෙන්දා සැකපිට  අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම කාන්තාව සමග කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සමන්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන ලැගුම්හළකට ගොස් සැකකරු සමග පිටව ගොස් ඇති බවද ඉන් අනතුරුව ඇය දක්නට නොලැබුණු බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.

පෙරේදා පස්වරුවේ කුරුණෑගල ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබී තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු එම කාන්තාව සමග සමන්පුර ප්‍රදේශය හරහා ගලාබසින දෙනගමුව ඇළට බැස සිටි බව පැවසේ. එම අවස්ථාවේදී වර්ෂාපතනය නිසා ඇළ මාර්ගය ජලයෙන් පිරී ගලාගෙන ගිය බවද සැකකරු එම කාන්තාව සමග ජලයේ පොර බදිමින් සිටිනවා හා සමාන සිදුවීමක් තමන් දුටු බවද තොරතුරු ලබාදුන් ත්‍රීරෝද රථ රියැදුරා පොලීසියට පවසා ඇත.

මේ අනුව සැකකාර පළතුරු වෙළෙන්දා එම කාන්තාව සමග ආරාවුලක් ඇතිකරගෙන ඇය ජලයේ ගිල්වා මරා දමන්නට ඇතැයි යන සැකය පොලීසියට පවතී. කෙසේ වුවද ඊයේ (30) පෙරවරුවේදීම ඩයනාගේ පණ සුන් සිරුර සිද්ධිය වූ බව පැවසෙන ස්ථානය ආසන්නයේම වූ දෙනගමුව ඇළේ රැඳී තිබියදීම සොයා ගැනීමට දොරටියාව පොලීසියේ නිලධාරින් සමත් වූහ.

නීතිවිරෝධී ගංජා අලෙවිකිරීමේ චෝදනාව යටතේ දොරටියාව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකුට ඇප මුදල් බැඳීම සඳහා සැකකරු පෙරේදා කුරුණෑගල පැමිණ ඇති අතර එම කාර්යය නිමකර කුරුණෑගල නගරයට පැමිණි පසුව මේ අභිසරු ලිය ඔහුට හමුවී ඇති බවද පැවසේ.

පසුව රුපියල් දෙදහස් පන්සීයක මුදලකට ඇගේ සේවය ලබාගැනීම සඳහා පොරොන්දු වී සමන්පුර ලැගුම්හලකට ගිය බවද එහිදී තමන් වයස්ගතව සිටින වන බව පවසා රුපියල් දහසක මුදලක් පමණක් තමන්ගෙන් ඇය ලබාගත් බවද සැකකරු පවසා ඇත. මෙම ලැගුම්හලද ඩයනා නිතරම තම සේවාදායකයින් රැගෙන යන ස්ථානයක් බවද කියයි. එහිදී තම අවශ්‍යතාවය නිමකර එම කාන්තාව සමග ලැගුම්හලෙන් පිටව ගිය පසු ඇය නොදුටු බවද ඔහු ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව තමන්ට ඇතිවූ බඩේ අමාරුවක් නිසා ශරීර කෘතිය කර ගැනීමට ඇළට බැස්ස බවද ඔහු පොලීසියට පවසා ඇත.

ඩයනාගේ වෘත්තීය කුමක් වුවද ඇය පිළිබඳව ⁣තොරතුරු දන්නා විශාල පිරිසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකර සිටින බවද දැනගැන්මට ලැබේ. බොහෝ දෙනෙකු ඇය පිළිබඳව පවසා සිටියේ ඇය කිසිවෙකුටත් කරදරයක් නොකොට පාඩුවේ නිහඬව තමන්ගේ කාර්යය සිදුකරගෙන ගිය කාන්තාවක් වන බවය.

ඇයගේ සැබෑ නාමය , ස්ථිර පදිංචිය , පවුලේ විස්තර ආදිය කිසිවෙකු නොදනී. ඇතැමුන් පැවසුවේ ඩයනා කුරුණෑගල කෙළිමුනේ ස්ථිර පදිංචිකාරියක බවය. එනිසාම ඇය හැඳින්වූයේ ඩයනා යන අනවර්ථ නාමයෙනි. මීට වසර හතළිහකට පමණ ඉහතදී ලෝකයේ ඉපැරැණිම වෘත්තීයට පිවිසෙන විට ඇය ඉතාම රූමත් තරුණියක් බව ප්‍රසිද්ධය. එම කාලවකවාණුව බ්‍රිතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරිය ලොව පුරා ඉතාම ජනප්‍රියව සිටි කාලයයි. ඇගේ කොණ්ඩා මෝස්තරය ලොව පුරා සිටි කාන්තාවන් උන්මාදයට පත් කළ මෝස්තරයක් විය. මේ කොණ්ඩා මෝස්තරය ප්‍රසිද්ධ වූයේ " ඩයනා කට් " නමින්ය. එනිසාම ලොව පුරා කාන්තාවන් ඩයනා කුමරියගේ මේ මනස්කාන්ත කොණ්ඩා මෝස්තරය අනුගමනය කළහ.

කුරුණෑගල සිටි මේ කාන්තාවද එදා සැරසී සිටියේ මේ කොණ්ඩා මෝස්තරයෙන්ය. එනිසාම ඇය හඳුන්වීමට පටන්ගනු ලැබුවේ ඩයනා යන අන්වර්ථ නමින්ය. මේ නම සමග ඇයගේ වෘත්තීය කොතරම් ප්‍රසිද්ධ වූවාද යත් ඇගේ පහස සොයා බොහෝ දෙනෙකු ඇදී ආවාට සැකයක් නැත. ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ වලට සම්බන්ධ පිරිස් වූ බවද ප්‍රසිද්ධ කරුණකි. මේ ප්‍රසිද්ධිය කුරුණෑගලට පමණක් නොව කුරුණෑගලින් පිටතටද පැතිර ගොස් තිබිණි. මේ නිසාම සමාජ සමීක්ෂණ සඳහාද ඩයනා යොදාගෙන තිබිණි. ඉන් අනතුරුව ආරම්භ වූ සමාජ මාධ්‍ය ඔස්සේද බොහෝ දෙනෙකු මේ ඩයනා පිළිබඳව කතා කළ අයුරු දැකගැනීමට ලැබිණි. ඇතැම් අවස්ථා වල ඇය හාස්‍ය මැවීම සඳහාද යොදාගෙන තිබිණි. සමාජ මාධ්‍ය ජාලා කීපයකම සම්මුඛ සාකච්ඡා වලටද ඩයනා සහභාගි වූ ආකාරයද ප්‍රසිද්ධ කරුණකි.

ඩයනා මුදල් පසුපසම තම වෘත්තිය වෙනුවෙන් හඹා නොගිය කතක් ලෙස ප්‍රකටය. ඇය කිසිවිටෙකත් ලාබාල තරුණයන් හෝ පාසල් සිසුන් සඳහා තම කය නොවිකිණූ කතක් ලෙසද ප්‍රකටය. විශේෂයන්ම කුරුණෑගල නගරයේ නිකරුණේ රස්තියාදු ගසන පාසල් සිසුසිසුවියන්ට බැණ වැදී ඔවුන්ට නිවෙස් වලට යන ලෙස දැනුම් දෙන අයුරුද බොහෝ අය දැක ඇති දසුනකි. මේ නිසාම ඇයද දරුවන් සිටින ආදරණීය මවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එසේම නගරයට කරදරයක් වන ආකාරයට අභිසරුලියන් බෝ නොකළ කතක් ලෙසද ජනතාව ඇය හඳුනති.

මේ ඩයනා තුරුණු වියේදීම මෙවැනි වෘත්තීයකට පිවිසියේ ඇයට සිදුවූ යම් වරදක් නිසා විය හැකිය. ඒ වැරැදී ගිය තැන ඇයට නිවැරැදි කරගැනීමට නොහැකි වූ නිසා හෝ වෙන කිසිදු පිළිසරණක් නොවූ නිසාම මෙවැනි වෘත්තියකට පිවිසෙන්නට ඇතැයි සිතිය හැකිය. අවසානයේදී මේ වෘත්තීයම ඇයට මරු කැඳවන්නටද හේතු විය.

මේ ඩයනා පිළිබඳව මුහුණු පොතේ පළකර තිබූ සටහනකි.

“ මාගේ පියාණන්ගේ අනුස්මරණය වෙනුවෙන් බත් පැකට් බෙදුවා, වීදී ජනයා සහ බස් නැතුව අසරණ අය වෙනුවෙන්. ඇයත් බත් එකක් ඉල්ලා ගත්ත. මම කිව්වා එකක් මදි නම් දෙකක් වුනත් දෙන්නම් කියලා.ඇය කිව්වා මම දෙකක් කෑවොත් තව කව්රු හරි බඩගින්නේ ඉඳි නේද පුතා, කියලා “. මේ ඩයනා අනුන් ගැනද සිතූ කාන්තාවකි.

"දිනපතා අරුණ" පත්තරෙන් ..

(පුෂ්පකුමාර ජයරත්න - කුරුණෑගල)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.