News Category
From Date
To Date
Maximum Number of Result

රාජපක්ෂලා හෝ වෙන එකෙක්, ඊයේ ගුරුවරුන්ට ජලප්‍රහාර කදුළු ගෑස්,ගහලා අද දළදා මාළිගාවට ගිහිං මහනායකලාත් මුණ ගැහුනොත් රටේ කොහොම තත්වයක් තියෙයිද ?

රනිල්, මවුබිමේ ගොවියන්ට උරුමය සින්නක්කරව දෙන්න වෙහෙසෙන විට මට නම් හිතෙනිනේ රනිල් මතු බුදුවෙන්න පෙරම් පුරනවා කියලයි.

ශල්‍යකර්ම කරගැනීමෙන් පුරුෂයන් කාන්තාවන් නොවන බව පැහැදිලිවම සනාථ කෙරෙන සිදුවීමක් පසුගිය දා සිදුවූ අතර, ඒ සංක්‍රාන්ති ලිංගික ලීස් තෝමස්ගේ සිදුවීමයි.

මම රාජාංගනේ සද්ධා කියන්නේ ජුලම්පිටියේ අමරේ, කඩුවල වසන්ත, මාකදුරේ මදුෂ්, කිඹුලාඇල ගුණේ, අංගොඩ ලොක්කා, දෙමටගොඩ චමින්ද ,කොස්ගොඩ තාරක වගේ පාතාල මැරයෝ හදුන්වන අර්ථයෙන් මිසක් භික්ෂුවක් ආමන්ත්‍රණය කළ යුතු චිරාගත සම්ප්‍රදාය අනුව නොවේ. රාජාංගනේ සද්ධාගේ චර්යා රටාව වඩාත් නෑකම් කියන්නේ ශ්‍රමණ සාරුප්තියකට නොව යට කී චණ්ඩි ප්‍රතිරූපකයන්ට බව මේ වෙද්දී බොහෝ දෙනා නොදන්නවා වෙන්න බැහැ. සුව කළ නොහැකි මනෝ ව්‍යාධියකින් පෙළෙන රාජාංගනේ සද්ධා සමාජ මාධ්‍ය ජාලවල කැරෙන විගඩම් සහගත හැසිරීම ලාභ ජනප්‍රියත්වයක් උදෙසාම කැරෙන්නක් බැවින් අපි ඔහු ගැන මිට පෙර නොලිව්වේ එය පවා ඔහුට අනවශ්‍ය ප්‍රචාරයක් වෙතැයි සිතූ නිසාය.

අණ්ඩපාල තියරිය ඇරඹෙන්නේ 1965 තරම් ඈත කාලයේය. එය රෝහණ විජේවීරයන් ඇරඹි ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාකච්චඡාව තෙක් ඈතට දිව යන්නකි.ජවිපෙ පලමු සාකච්ඡාවේදී ලෙයින් අත්සන් තබන ලද ප්‍රතිඥාව මෙසේ විය.

හාමුදුරු නමක් ශාස්ත්‍රියව , නිවුණු හඩින් අපේ ශාසනික සම්ප්‍රදාය සහ විශ්වාසයන් ප්‍රශ්න කරගෙන යනවා..

මම කාදිනල් වුල්සිගේ හිස් වැස්ම නමින් කුඩා කතා පොඩ්ඩක් ලියා විශ්වවිද්‍යාල සඟරාවේ පළ කිරීම සඳහා එය කර්තෘ වෙත යැව්වෙමි. එහෙත් එය ප්‍රතික්ෂේප විය.

බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය කියන කණ්ඩායම් 10ක් පමණ ඇති බවත්, ඔවුන් ඒ සඳහා මෙරට ස්ථාන 8ක් ඉදිරිපත් කරන බවත්, මෙම ස්ථාන 8න් බුදුරජානන් වහන්සේ පහළවුනු ඇත්ත ස්ථානය කුමක්දැයි ඔවුන් අතර පවා එකඟතාවයක් නැති බවත් භික්ෂුන් වහන්සේලා පෙන්වා දෙති.

යුද්ධය අවසන් වෙනවත් එක්කම මහින්ද විතරක් නෙවී.. රාජපක්ෂ නාමයම දේශප්‍රේමීන් වුනා.. ඒකට ජවිපෙ සහ ජාත්‍යන්තරයේ ලණු කාල මහින්දගෙන් ගේම ඉල්ලපු ෆොන්සේකාත් වගකියන්න ඕනේ.


ප්‍රධාන පුවත්

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.