පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් වෙන වෙනම දඩුවම් නියම විය.
ඒ අනුව, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතල සිරදඬුවම් නියමකර ඇති අතර, එමෙන්ම ඔවුන් සතු නිශ්චල හා චංචල දේපොළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.
මෙලෙස දඬුවම් නියම වූයේ ...
පළමුවැනි විත්තිකාර මොහොමදු නවුෆර් මවුලවී යන අයට වසර 220ක්ද, දෙවැනි විත්තිකාර මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ නොහොත් ගපූර් මාමා යන අයට වසර 240ක්ද, තෙවැනි විත්තිකාර හයාතු මොහමදු අහමදු මිල්හාන් යන අයට වසර 240ක්ද, සිව්වැනි විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා යන අයට වසර 240ක්ද, පස්වැනි විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් යන අයට වසර 240ක් ද, හයවැනි විත්තිකාර මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන් යන අයට වසර 200ක්ද, හත්වැනි විත්තිකාර මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන් යන අයට වසර 200ක්ද, අටවැනි විත්තිකාර අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස් යන අයට වසර 260ක්ද, නවවැනි විත්තිකාර මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත් යන අයට වසර 220ක්ද, දසවැනි විත්තිකාර අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි (16වැනි චෝදනාව හැර) යන අයට වසර 220ක්ද, එකොළොස්වැනි විත්තිකාර හුසේයිනුල් රිස්වී කාලිද් සමීර් යන අයට වසර 200ක්ද, පහළොස්වැනි විත්තිකාර මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන් යන අයට වසර 200ක්ද, දහසයවැනි විත්තිකාර මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස් යන අයට වසර 220ක්ද, දහඅටවැනි විත්තිකාර රාසික් රසා හුසෙන් යන අයට වසර 220ක්ද, සහ දහනවවැනි විත්තිකාර කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත් යන අයට වසර 200ක් ද වශයෙන් අඬුවම් නියම කෙරුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..