ඒක ලැජ්ජයි කැතයි.. හෝදන්න දෙයක් නෑ..
මම 88/89 කාලේ ජවිපයට සම්බන්ධයි කියලා අත් අඩංගුවට ගත්ත අය හොයන්න ඒ දවස් වල හමුදා සහ පොළිස් ස්ථාන වලට එන අයට ලැබෙන අල්ලස් ඔෆර් ඇස් දෙකින් බලලා කන්දෙකෙන් අහලා තියෙන පුද්ගලයෙක්.
අත් අඩංගුවේ ඉන්නවද බලන්න අල්ලස් ගන්න හැටි දැකලා තියනවා
මරලද නැත්නම් අදාළ ස්ථානයේ ඉන්නවද නැද්ද කියන්ක ඉල්ලන අල්ලස් දැකලා තියනවා.
අදාළ ප්‍රදේශයේ මන්ත්‍රීලා වයර් කපපු ටෙලිෆෝනයකින් ආමි ෂෙල් එකට පොළීසියට කෝල් දීලා ඉන්නවද නැද්ද අහලා කියන ගමන් නොකියා අල්ලස් ඉල්ලන හැටිත් දැකලා තියනවා.
පොලොන්නරුවේදී එක අම්මා කෙනෙක් කනේ කරාඔු දෙක ගලවලා දීලා අඩ අඩා මහත්තයෝ,කොල්ලා ඉන්නවද නැද්ද කියලා මේක අරං ගිහිං බලලා කියන්න පිජ අත්වෙනවා කියලා දීපු අල්ලස ඉදිරියේ මටත් ඇඩිලා තියනවා
ඒ හැම තැනකදීම වුනේ දුක වවාගෙන කෑමක්
මමමේ ටික ලීවේ ඇයි .
හැඩතළ වෙනස් වුනාට චරිත් අබේසිංහලා කරලා තියෙන්නේ ඒ වගේ වැඩක් 😀😀
චරිත්ලා අල්ලස අරං තියෙන්නේ හරක් කටාගේ භාර්යාවගෙන්
ඩීල් කරලා තියෙන්නේ දුක සහ බිය එක්ක
හරි හෝ වැරදි හරක් කටා හෙවත් නදුන් චින්තකගේ උතුරා යන මත් ද්‍රව්‍ය වෙලදාමට අදාළ මුදලින් ටිකක් අල්ලසක් ලෙස ඇදගෙන්න බලලා තියනනවා.
ඒ කාලේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති.
අධිකරණ ඇමතිට නදුන් චින්තක හෙවත් හරක් කටා රදවන බන්ධනාගාරය වෙනස් කරන්න හැකියාවක් නැති,වෙන්න බෑ.
විජේදාසගේ පුතා පැටලෙන්නේ එතැනට වෙන්න පුළුවන්.
මගේ මතය ඒක ලැජ්ජයි / වැරදියි / දෙන්නාම නීතීඥයන්
අනාගතයේදී පාර්ලිමේන්තුවෙි නීති හදන තැනට එන්න හිටපු ඒකට සකස් කල එන්න පුළුවන් අය.
ඒ වගේ අය මෙහෙම කරනවා නම් ( අධිකරණයෙන් ඔප්පු කරන්න ඕන ) ඒක ලැජ්ජා සහගතයි.
කන්ටේනර් 317 වරායෙන් අල්ලසට පැන්නීම තරමටම හරක් කටාට නීතිය සහ බන්ධනාගාරය ඇතුලේ වංගු ගහන්න
අල්ලස් ගැනීමත් ලැජ්ජා සහගතයි.
මම මේක ලීවේ වැරැද්ද වෙලා නම් වැරැද්ද වැරැද්දමයි කියන්න.
එහෙම ලීවේ
චරිත් වත් විජේදාසගේ පුතාවත් ටිරාන් අලස්වත් වෙනයම් මේකට ගෑවුන කෙනෙක් වත් මගේ දේශපාලන මතවාදයේ පක්ෂයේ නෙවෙයි.
ඒ හංදා මට ඒ සිදුවීම ටැග් කරලා මතය අහන්න එපා ඔන්න මම මතය ලීවා.
තවත් මදිනම් මෙහෙමත් ලියනවා අනුර ජනාධිපති වුන නිසාත් චරිත් දිගටම රජය විවේචනය කල නිසාත් මෙය එළියට ආවා.
නැත්නම් මේක එලියට එන්නේත් නැතුව යට යනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
ස්තූතියි
- නුවන් මොණරවිළ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..