News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සිය වෙබ් අඩවියෙහි නිවේදනයක් පල කරමින් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස ඉල්ලා සිටියි.

ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන්ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.

කතෝලික සභාව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට සාමාජිකයින්ට ඉඩ නොදීම "පරිපූර්ණ ඒකාධිපතිත්වයක්" ප්‍රදර්ශනය් කිරීමක් ලෙස නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා හඳුන්වයි. නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා නිකරගුවා පොලිසිය පිහිටුවීමේ 43 වැනි සංවත්සරය සැමරීම වෙන්ජ්වෙන් ;අසුගිය සැප්තැම්බර් 25 වනදා පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මෙසේ පැවසීය.

උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා විසින් එළිදැක් වූ වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවට කාදිනල්තුමා විසින් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව ඉන්දීය රජය මුල්ම ද්විපාර්ශ්වීය සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක වියදමකින් රටවල් දෙක යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව පැවසේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බවත්, කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එක්සත් රාජධානියේ මහා භාණ්ඩාගාරයේ චාන්සලර් රේචල් රීව්ස් පවසන පරිදි, G7 කණ්ඩායමේ පුළුල් ණය දීමේ වැඩසටහනක කොටසක් ලෙස, රුසියාවට එරෙහි යුක්‍රේනය කරගෙන යන යුද්ධ කටයුතු සඳහා එක්සත් රාජධානිය යුක්රේනයට පවුම් බිලියන 2.26 (ඩොලර් බිලියන 2.94) ණයක් ලබා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පාස්කු ඉරිදා දින මෙරටට එල්ලූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කල කමිටු වාර්තාවන්හි වත්මන් මහජන ආරක්ෂක ලේකම් රවි සෙෙනවිරත්න මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවට රවී සෙනෙවිරත්න මහතා ප්‍රතිචාර දක්වයි.


දේශීය පුවත්

මනිපුර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි.. ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි..

ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල සේවා අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රනිල් CIDයට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.

පරීක්‍ෂා නොකර නිදහස් කළ බහාලුම් ලයිස්තුව මෙන්න..

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අද ඉදිරිපත් කලේය.

මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඕනෝර් ආයතනයේ සභාපති යාපනයේ තිස්ස විහාරය ගැන කළ ප්‍රකාශයට දැඩි විරෝධයක්.. (වීඩියෝ)

යාපනයේ තිස්ස රජමහා විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඕනෝර් ආයතනයේ සභාපතිවරයා සිදුකළ විසින් කළ කතාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.

පොලීසියේ ලොකු පුටු මාරුවක්..

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා... අපි සාක්ෂි නැතුව කවදාවත් කතා කරලා නෑ - CID ආ ගම්මන්පිල කියයි (වීඩියෝ)

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.