News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පැවසිය.

‘රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා’ යියි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පලස්තීන හිතවාදී යුදෙව් ක්‍රියාකාරීන් සියගණනක් නිව් යෝර්ක් නගරයේ වෝල් වීදියේදී ඊශ්‍රායලය ගාසා තීරයේ කරනු ලබන "ජන සංහාරයට" එක්සත් ජනපදය දක්වන සහයෝගයට විරෝධය පළ කර ඇත. විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නිව්යෝක් පොලිසිය පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද රටක් ලෙස මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවට ලක් නොවූ බවත්, එහිදී සිදුවූයේ රැවටීමක් සහ රවටා ගැනීමක් පමණක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදුනොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.

චීන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යී ඊයේ(14) ඉරානයේ සහ ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ බව වාර්තා වේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ආතතිය පිළිබඳව චීනය දැඩි සැලකිල්ලක් දක්වන අතර කලාපයේ අලුත් ගැටුම් සහ කැලඹීම් කිසිවකුගේ අවශ්‍යතා සඳහා සේවය නොකරන බව විශ්වාස කරන බව ගාසා තීරයේ ක්ෂණික, සම්පූර්ණ සහ ස්ථිර සටන් විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් වැන්ග් පැවසීය.

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ.

මොස්කව්හි අවසාන ඉලක්කය නේටෝව බෙදීම සහ පවතින ජ්ගත් පටිපාටිය වෙනස් කිරීම බව ජර්මානු විදේශ ඔත්තු සේවයේ (BND) ප්‍රධානී Bruno Kahl පවසයි. යුක්රේනය සමඟ ගැටුම පවතිද්දී පවා රුසියාව මිලිටරි වියදම් අතින් යුරෝපීය රාජ්‍යයන් අභිබවා ගොස් ඇති බව Bruno Kahl ඊයේ (14) Bundestag හිදි ජර්මානු මන්ත්‍රීවරුන්ට පැවසීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "බටහිර රතු ඉරි පරීක්ෂා කිරීම දිගටම කරගෙන යමින් ගැටුම තවදුරටත් තීව්‍ර කරනු ලබනවා" යනුවෙන් ජර්මනියේ ප්‍රධනතම ඔත්තුකරුවා ප්‍රකාශ කළේය. "නේටෝව සමග සෘජු මිලිටරි ගැටුම මොස්කව් පරිපාලනයට විකල්පයක් වී තිබෙනවා." ඔහු පැවසීය.


දේශීය පුවත්

මනිපුර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි.. ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි..

ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල සේවා අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රනිල් CIDයට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.

පරීක්‍ෂා නොකර නිදහස් කළ බහාලුම් ලයිස්තුව මෙන්න..

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අද ඉදිරිපත් කලේය.

මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඕනෝර් ආයතනයේ සභාපති යාපනයේ තිස්ස විහාරය ගැන කළ ප්‍රකාශයට දැඩි විරෝධයක්.. (වීඩියෝ)

යාපනයේ තිස්ස රජමහා විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඕනෝර් ආයතනයේ සභාපතිවරයා සිදුකළ විසින් කළ කතාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.

පොලීසියේ ලොකු පුටු මාරුවක්..

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා... අපි සාක්ෂි නැතුව කවදාවත් කතා කරලා නෑ - CID ආ ගම්මන්පිල කියයි (වීඩියෝ)

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.