News Category
From Date
To Date
Maximum Number of Result

2015 දී රණවිරු දඩයම සඳහා යොදාගත් දඩයම්කරුනවන් නව පුටුවල සිට "රණවිරු දඩයම - 2" මෙහෙයුම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අන්තර්ජාල මූල්‍ය වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සිය උපරිම සහාය ලබාදෙන බව චීන තානාපති කාර්යාලය පවසයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ 57/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කිරීම කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකු වැට් බදු ගෙවීම පැහැර හැරීම හේතු කොටගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ.

ආර්ථිකයේ කරණු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව රඳාපවතින බව ලෝක බැංකුව අවධාරණය කරයි. ලෝක බැංකුව නිකුත් කළ ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකය අවදානමට ලක්විය හැකි සීමාවක ස්ථායිව පවතී.

සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය පනතට පටහැනි බව පවසයි. ඒ අනුව ඊට එරෙහිව කිසිවෙකු අධිකරණ ගියහොත් ගැසට් පත්‍රය අවලංගු කර නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩක් ඇතැයිද ඔහු පවසා සිටියි.

පසුගිය රජයේ ප්‍රතිපත්තිමය තීරණය මත රාජ්‍යය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහ ගත කිරීමේ අංශයක් පිහිටුවනු ලැබු අතර ඒ යටතේ ජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කරනු ලැබීය.


දේශීය පුවත්

මනිපුර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි.. ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි..

ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල සේවා අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රනිල් CIDයට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.

පරීක්‍ෂා නොකර නිදහස් කළ බහාලුම් ලයිස්තුව මෙන්න..

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අද ඉදිරිපත් කලේය.

මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඕනෝර් ආයතනයේ සභාපති යාපනයේ තිස්ස විහාරය ගැන කළ ප්‍රකාශයට දැඩි විරෝධයක්.. (වීඩියෝ)

යාපනයේ තිස්ස රජමහා විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඕනෝර් ආයතනයේ සභාපතිවරයා සිදුකළ විසින් කළ කතාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.

පොලීසියේ ලොකු පුටු මාරුවක්..

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා... අපි සාක්ෂි නැතුව කවදාවත් කතා කරලා නෑ - CID ආ ගම්මන්පිල කියයි (වීඩියෝ)

බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.