නීතීඥ සභාපති ජනපතිගේ මූණටම කිවුව කතාව එළියට..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සඳහා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය විරෝධය පළ කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මේ බව අවධාරණය කරන ලද වීඩියෝ පට ප‍්‍රසිද්ද කර ඇත.
මෙම සංශෝධනය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට බරපතළ හානියක් සිදු කරන බව ඔහු පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසූරිය මහතා සඳහන් කළේ, අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් නීතිමය සංකල්පයක් පමණක් නොව, එය මහජන විශ්වාසය මත පදනම් වූවක් බවයි.
විනිසුරුවරුන්ගේ ධුර කාලය හෝ විශ්‍රාම වයස වැනි තීරණාත්මක කරුණු දේශපාලන අවශ්‍යතා මත හදිසියේ වෙනස් කිරීම නොකළ යුතු බව ඔහු පැවසීය.
"විනිසුරුවරයෙකු පත් කරන විට ඔහුට ස්ථාවර ධුර කාලයක් තිබිය යුතුයි. එය වෙනස් කිරීමෙන් අධිකරණයට ඇඟිලි ගැසීමක් සිදුවන බවට සමාජය තුළ සැකයක් මතු වෙනවා. 2012 වසරේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කළ අවස්ථාවේදීත් නීතිඥ සංගමය මෙලෙසම ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා. අද අප පෙනී සිටින්නේ ද එම ප්‍රතිපත්තිය වෙනුවෙන්මයි," යනුවෙන් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙරට අධිකරණ පද්ධතියේ පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණයෙන් බහුතරයක් මහේස්ත්‍රාත් අධිකරණවල පවතින බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම එම ප්‍රමාදයට විසඳුමක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවට තාක්ෂණය භාවිත කිරීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම වඩාත් වැදගත් බව ඔහු යෝජනා කළේය.
විශේෂයෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරුවරයා ඇතුළු පිරිසකගේ ධුර කාලය දීර්ඝ කිරීම ඉලක්ක කරගනිමින් මෙම සංශෝධනය ගෙන එන බවට එල්ල වන චෝදනා පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..