22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..
උපරිමාධිකරණයන්හි විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම වෙනුවෙන් සැකසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය, සිවිල් සංවිධාන සහ පුද්ගල වශයෙන් පෙත්සම් රැසක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටී.
ඒ අනුව ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය, විපක්ෂයේ පක්ෂ නායකයන්, එ.ජා.ප.ය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය, සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට ජනාධිපති නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට ද නියමිත බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.
මේ අතර දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් නව එකමුතුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට කටයුතු අරඹා තිබේ.
මේ බව ඔවුන් විසින් පසුගියදා මෙරට සංචාරය කළ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි වෙත දැනුම් දී ඇත. මේ අතර ඉන්දීය විදේශ ලේකම් හමුවේ උතුර හා නැගෙනහිර හමුදාවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කර ගැනීමට සහය වන ලෙස මේ පක්ෂ විසින් ඉල්ලීමක් කර තිබේ.
මෙම පක්ෂ හය එක්වූයේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම, පළාත් සභා මැතිවරණයක් කඩිනමින් පැවැත්වීම සහ ඉඩම් ගැටලු සඳහා ස්ථිර විසඳුමක් යන ඉල්ලීම් තුන දිනා ගැනීම වෙනුවෙන්ය.
ඉලංකෙයි තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මෙම පක්ෂ හයයි.
- අකිත පෙරේරා, චතුර පමුණුව
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..