News Category
From Date
To Date
Maximum Number of Result

එකම ටෙන්ඩරය හතර වතාවක් ෆේල් වුනේ නැහැ!-අමාත්‍ය වසන්ත සමරසිංහ

Jan 22, 2025 at 12:42 PM
|

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ එකම ටෙන්ඩරය හතර වතාවක් ප්‍රතික්ෂේප වූ බවට විපක්ෂය නඟන චෝදනා අසත්‍ය බවයි.

“ටෙන්ඩරයක් හතර වතාවක් රිජෙක්ට් වෙලා නෑ. සතොස සහල් ගෙන්වීම සඳහා දැම්ම පළමු ටෙන්ඩරේ සහල් ටොන් 5200යි. රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුව අපි ටෙන්ඩරේ දැම්මා. ඒකට සැපයුම්කරුවන් දෙන්නෙක් ඉදිරිපත් වුණා. එක්කෙනෙක් ටොන් 3750ක් දැම්මා. දෙවෙනියා දැම්මේ 1500යි. ඒ අනුව ටෙන්ඩර් කළ සහල් ප්‍රමාණය සැපයුම්කරුවන්ට ටෙන්ඩර් පටිපාටිය අනුව සපයන්න බැරි වුණා මිසක් ටෙන්ඩරේ රිජෙක්ට් වුණේ නෑ. දෙවෙනි ටෙන්ඩර් එකට සැපයුම්කරුවන් ඉදිරිපත්වුණේ නෑ. තුන්වෙනි ටෙන්ඩර් එකේ රිජෙක්ට් වුණේ කොලිටි එක." යනුවෙන් පැවසුවේය.

සම්බන්ධිත පුවත් | Related News

චීනයේ රේගු සාමාන්‍ය පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 දී චීනයේ විදේශ වෙළඳාමේ මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 43.85 ක වාර්තාගත ඉහළම අගයක් ගත් අතර එය වසරින් වසර සියයට 5 ක වර්ධනයක් සනිටුහන් කරයි.
ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් සමූහ ව්‍යාපාරය ඊයේ(10) ප්‍රකාශ කළේ තමන් ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතියකට අරමුදල් සැපයීම සඳහා තමන්ගේම සම්පත් භාවිතා කරන බවත් එක්සත් ජනපද අරමුදල් ලබා නොගන්නා බවත්ය.
කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගමේ බහුතර කොටස් හිමියා වන ජපානයේ Onomichi Dockyard Company Limited මෙම සතියේ සිට කළමනාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගම, සමාගමට නව උපායමාර්ගික ආයෝජකයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ .
දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර සහ තොග මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අංක 2414/02 දරණ ගැසට් නිවේදනය සහ 2414/04 දරණ ගැසට් නිවේදනය ඊයේ(09) නිකුත් කරනු ලැබ ඇත.
ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කර තිබෙන බවයි.
වත්මන් ආණ්ඩුවට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීම සැලකිල්ලට නොගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වසරේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනාව අනුමත කර නොමැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් රටට එවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මේ දක්වා රටට එවා ඇති විදෙස් මුදල් ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 ක් වැනි පහළ අගයක් බව විද්වත්හු පවසති. කෙසේ වුවද මෙම අගය 2020 වසරේ දී ශ්‍රී ලාංකිකයන් එක් මසකදී රට එවූ ඉහළම විදෙස් මුදල් ප්‍රමානය සැලකිය යුතු මට්ටමකින් පසු කර ඇතැයි විශ්ලේශකයෝ පවසති.
මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
‍2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ප්‍රධාන පුවත්

ඉන්දියාවේ ඩිජිටල් පද්ධතිය තුළ තිබූ මිලියන 815කගේ දත්ත හොරකම් කර තිබියදී ශ්‍රී ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදීම ගැඹුරින් සලකා බැලිය යුතුයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

ලෝකයේ සුරක්ෂිතම ඩිජිටල්කරණ වැඩ පිළිවෙල ඉන්දියාවේ “ආධාර්“ (Aadhaar) ක්‍රමවේදය බව ජනපති පැවැසුවත් එහි තිබූ මිලියන 815ක ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත හොරකම් කර ඇති බවත් එම නිසා ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමට පෙර සිය දහස් වාරයක් කල්පනා කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Operation Safeguard චිකාගෝවේ සිටින අනවසර සංක්‍රමනිකයන් පලවා හැරීමට ලබන සතියේ සිට ක්‍රියාත්මකයි

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

මහා පරිමාන හාල් මෝල් හිමියන් සහල් තොග සඟවා ඇතැයි පැවසීම බොරුවක්- ජනපති අනුර සිරසේදී කියයි

මහා පරිමාන මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව අනාවරණය වූ බවත් ඔවුන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.

එකම ටෙන්ඩරය හතර වතාවක් ෆේල් වුනේ නැහැ!-අමාත්‍ය වසන්ත සමරසිංහ

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ එකම ටෙන්ඩරය හතර වතාවක් ප්‍රතික්ෂේප වූ බවට විපක්ෂය නඟන චෝදනා අසත්‍ය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ගන්න රුපියල් මිලියන 50ක් ගත්ත සිද්ධිය ගැන රජය සොයනවා - අමාත්‍ය හර්ෂණ නානායක්කාර

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා යම් දේශපාලන පක්ෂයක් විසින් පුද්ගලයකුගෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ලබාගෙන ඇති බවත්,

ඩොනල්ට් ට්‍රම්ප් විසින් LGBTQIA +++Woke න්‍යාය පත්‍රයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට ස්තුතියි - මව්වරුන්ගේ පෙරමුණ ට්‍රම්ප්ට ලියයි

නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා විසින් LGBTQIA +++Woke න්‍යාය පත්‍රයට එරෙහිව අභීතව ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව සහ ගෝලීය වශයෙන් ඊට දෙනු ලබන නායකත්වයට ස්තුතිය පළකරමින් මව්වරුන්ගේ පෙරමුණ අද (21) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත ලිපියක් භාරදීමට කටයුතු කළේය.

ජනාධිපතිවරයා ලිඛිත ඉල්ලීමක් එවන්නේ නම් නිල නිවසෙන් ඉවත් වීමට මම කැමැත්තෙන් සිටිනවා - මහින්ද රාජපක්ෂ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂට ඔහුගේ නිල නිවසෙන් ඉවත් වන ලෙස හෝ ඒ සඳහා මාසිකව රුපියල් මිලියන 4.6ක කුලියක් ගෙවීමට සිදුවන බවයි. මෙම සිද්ධියෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වා තිබේ.

IMF ගිවිසුම වෙනස්කර ජනතාවට සහන දෙන බව රජය කියයි

ජනතාවට වැඩි සහන ලබා දීම සඳහා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

IMF එක හාල්වලට ගහපු බඳු අයින් කරන්න.... හාල් 200ට දෙන්න පුළුවන් - අනුරාධ තෙන්නකෝන්

IMF එක හාල්වලට ගසා ඇති බදු අයින් කළවිට හාල් කිලෝවක් රුපියල් 200ට පාරිභෝගිකයාට ලබාදීමට හැකියාවක් ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති, අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. නිටෙව්දනයක් නිකුත් කරමින් ඒම පක්ෂ,ය මෙසේ ප්‍රකාශයට පත්කර ඇත.

ජානක පෙරේරාගේ ඝාතකයා කෙහෙළියගේ ආරක්ෂකයෙක්... නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණිල්ලක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට ඊයේ (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

බලය තියෙන්නේ අතහැරීමට හෝ බෙදීමට නොවෙයි... බෙදුවට පස්සේ බලයක් නෑ.. විමල්ගේ නව මූලස්ථානය විවෘත කිරීමේදී ඉදුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නව මූලස්ථානය ඊයේ (19) බත්තරමුල්ලේදී විවෘත විය. එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් අනුශාසනාවක් කරමින් පැවසුවේ බලය තිබෙන්නේ අත හැරීමට හෝ බෙදීම සදහා නොවන බවත් බෙදුනට පස්සේ බලයක් නොමැති බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසීය.

වී ගොවියට රුපියල් 140ක සහතික මිලක් දෙන්න..සහල් අඩුනට දෙන්න පුළුවන් - මෝල් හිමියන් කියයි

ඉදිරියේ දී පාරිභෝගිකයන්ට සහල් අඩුමිලට ලබා දීමට හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි" - ජනපති (වීඩියෝ)

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා " යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය .

වී සඳහා සහතික මිල නියම කිරීමට නොහැකිව ආණ්ඩුව බරපතළ අමාරුවක

ගොවීන් තම නිෂ්පාදන වියදම ලෙස වී කිලෝවක් සඳහා රුපියල් 110-115ක පමණ මිලක් පෙන්වා සිටියදී ඊට අදාළව සහතික මිලක් නියම කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුව විශාල ගැටළුවකට පත්ව ඇති බව වාර්තා වේ.

සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

සියලුම මන්ත්‍රීවරුන්ට නව වාහන කඩිනමින් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.