ආණ්ඩුව IMF උවමනාවට වී ගොවිතැන අකර්මණ්‍ය කිරීමේ සූදානමක්… දේශීය වී ගොවියාට සහන නොදී, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් ආනයනය කරනවා – ජාතික ගොවි ව්‍යාපාරයෙන් චෝදනා (වීඩියෝ)
මෙරට භූමියෙන් වී වගාකළ හැකි බිම් සියයට 42ක් පමණ ඇති බවත්, නොයෙකුත් දුෂ්කරතා මැද රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවය සපුරන වී ගොවියාට ආණ්ඩුවෙන් නිසි මිලක් නොගෙවන තත්ත්වයක් නැවත ඇති වී තිබෙන බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.
යල කන්නයේ අස්වනු මේ වන විට නෙලමින් ඇති බවත් නාඩු කිලෝවක් සහල් රුපියල් 95ට, සම්බා සහල් රුපියල් 100ට, කීරි සම්බා රැපියල් 110ට ලබාගන්නා බවට ආණ්ඩුවේ ඇමැතිවරයා ප්‍රකාශ කළ ද කිසිඳු ප්‍රදේශයක එවැනි මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා බවත්, වී මිල මේ වන විට පහතටම වැටී කිලෝවක් රු. 65- 80 මිලකට අලෙවි වන බවත් ඒ මහතා පවසයි.
එමෙන්ම දේශීය ආහාර අවශ්‍යතාව වෙනුවෙන් කැපවන ගොවි ජනතාවට කිසිඳු සහනයක් නොදෙමින් ඇමැතිවරයා විසින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 9ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවද, එසේ අවසර දුන්නේ කවුදැයි ඇමැතිවරයා ජනතාවට උත්තර බැඳිය යුතු බවද කරුණාතිලක මහතා සඳහන් කරයි.
අවශ්‍ය පොහොර ටික කලට වේලාවට නොමැතිව, වී වලට නිසි මිලක් නොමැතිව, ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී සිටින මෙරට ගොවි ජනතාව දිගින් දිගටම වී ගොවිතැනේ රැඳී සිටිවි දැයි සැකයක් ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද (IMF) අවශ්‍යතාව වී තිබුනේ රටේ ගොවිතැන අකර්මණ්‍ය කරමින් එම ගොවි ඉඩම් විකුණන තැනට ගොවියා පත් කිරීම බවත් කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ‘රාජ්‍යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..