පවතින ආර්ථික ආපදා තත්ත්වය තුළ රටේ ජනතාව කම්පනයට පත්ව සිටිද්දී ජනපති රනිල් ගහන මැච් එක මොකක් ද? - විමල් හෙළිකරයි (වීඩියෝ)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද බටහිර රටවලට සහ ඉන්දියාවට උවමනා සියලු දේ කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි තරම් වේගයෙන් සිදුකරගෙන යන බවත්, 'යළිපුබුදමු ශ්‍රී ලංකා' සැලසුම නැවත ගෙනවිත් එහි තිබූ අණපනත් සහ සියලු දේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයද ඇතුවම ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දුන් 69 ලක්ෂයකගේ ජනවරමට සම්පූර්ණයෙන්ම විරුද්ධ ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.
ඇමරිකාවේ පර්යේෂණ මාධ්‍යවේදිනියක වන නයෝමි ක්ලේන් ලියා ඇති කෘතියක ආපදා අධිරාජ්‍යවාදය තුළ අතරමංවූ ජනතාවක් එම කම්පන තත්ත්වය උපයෝගීකර ගනිමින් පාලකයන්ට අවශ්‍ය දේ පිළිගන්න්නා තත්ත්වයකට පත්කළ හැකි බව පැහැදිලිව සඳහන්කර ඇති බවද, අද රට තුළ සිදුවෙමින් පවතින්නේනේද ආර්ථික අර්බුදයෙන් වික්ෂිප්ත වී අවුල් වූ මනසකින් සිටින ජනතාව මේ වෙනුවෙන් යොදාගැනීම බවද විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නිකුත්කර ඇති අලුත්ම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ඉහළම ධනපතීන් සියයට 1 ක ප්‍රමාණය දළ ජාතික ආදායමෙන් 31%ක් බුක්තිවිඳින බවත්, ඉහළම සිටින 10%ක ධනපතීන් 64%ක් බුක්තිවිදින බවත්, පහළම සිටින 50%ක ප්‍රමාණය ජාතික ආදායමෙන් බුක්ති විඳින්නේ 4%ක ප්‍රමාණයක් බවද දක්වා ඇති බවත්, මෙම විෂම තත්ත්වය ලංකාවේ මීට පෙර වාර්තා නොවූ බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්