
අමරවීර සහ තිලංග එජනිස මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි... ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් ළඟදීම කරළියට
මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
එම ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇති බවත් වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව සුදුසු නැකැතක් සකස් කර ලඟදීම නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට තීරණය කර තිබේ.
සියලු පක්ෂ, කණ්ඩායම් සහ මන්ත්‍රිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර විශාල පිරිසක් නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් ඒ අනුව ‘පුටුව’ ලකුණෙන් පොදුජන එක්සත් පෙරමුණ නමින් නව සන්ධානය එළිදැක්වීමට ඔවුන් එකඟතා පළ කර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද 45කට අධික පිරිසක් ‘පුටුව’ ලකුණෙන් සන්ධාන ගත වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් එම පෙරමුණට නව නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර තිබෙන අතර සන්ධානයට එක්වන පක්ෂවල එකඟතාව මත ලබන සතියේ අලුත් නිලධාරී මණ්ඩලයක්ද පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
