News Category
From Date
To Date
Maximum Number of Result

එක් බහුජාතික සමාගමකින් රු. මිලියන 2000ක් අයකර ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය සම්මත කිරීම රාජ්‍ය මුදල් කාරක සභාව විසින් දිගින් දිගටම පමාකරමින් ඇති බවත් , මෙම ගැසට් නිවේදනය ඔක්තෝබර් 16 වැනි දායින් අවලංගු වීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුවට සම්මත කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන ගැසට් නිවේදනයක් සම්මත කිරීම හෝ නොකිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බවත්, එය වැළැක්වීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට බලයක් නොමැති බවත් පැහැදිලි කරුණකි.

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ක කාලය සඳහා තව දුරටත් දීර්ඝ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය විසින් තමන් පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු ඊයේ(6) සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කතෝලික රදගුරු සංගමය විසින් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ පිළිබඳ එම සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බවයි.

2022 වසරේදී ලෝකයේ වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබූ රට ලෙස ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇති බව නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මෙරට ජනගහණයෙන් මිලියන 12.3ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.


දේශීය පුවත්

කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.

"සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 දා කොළඹදී..

අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්..

සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය හමුවේ එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි බවට පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට සිටි පොලිස්පති මෙන්ම රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයවළුන් ද මුලින්ම අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත්, මරගෙන මැරෙන පුත්තු දෙන්නා හැදූ ඊබ්‍රහීම් ද දැන් එළියේ සැපෙන් ගතකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

අගවිනිසුරුවරයාගේ තීරුදුබදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රශ්න කරන්නේ අගවිනිසුරුවරයා නීති විරෝධී වැඩක් කළා නම් ඔහු නීතිය පසිඳලන්නේ කෙසේදැයි යන්න ය.

විශ්වවිද්‍යාලවලට කළු සතියක්.. ආචාර්යවරු කළු ඇඳුමින්..

මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශය චේතනාන්විතවම සම්බන්ධයි..- දිලීප පීරිස් අධිකරණයේදී කියයි

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් පාර්ශ්වයන්ගේ සවිඥානික සහාය සහ මහා කුමන්ත්‍රණකාරී පසුබිමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.