
ඔන්ලයින් පනත ගැන ජූලි චංග් අවුලෙන්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසා තිබේ.
ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඇති බාධාවක් බවය.
ඊට අමතරව, මෙම නව පනත මගින් නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට බාධාවක් වී ඇතැයි ඇමෙරිකන් තානාපතිනිය පෙන්වා දුන්නාය.
විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත.
"මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමක් සිදුවී ඇතැයි මට පෙනී යනවා. මෙම පනත හරහා අනවශ්‍ය ලෙස සීමා පැනැවීම ආයෝජන කටයුතුවලට පමණක් නොවෙයි, ඩිජිටල් ආර්ථික සංවර්ධනයට බාධා විය හැකියි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකට බලපෑමක් විය හැකියි. නීති සම්පාදනය කළ යුත්තේ විනිවිදභාවයකින්. එසේ කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් සහ ශ්‍රී ලාංකික වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග්, සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඩේලි මිරර් ඇසුරිනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
