News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඉදිරි මාස 03ක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් හි සහාය ලබාගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ ප්‍රකාශ කළද, එවැනි ඉල්ලීමක් ස්කොට්ලන්ඩ්යාඩ් වෙත ලැබී නොමැති බව අනාවරණය වේ.

පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වීම් හා ඇතැම් ගුවන් ගමන් වාරවල දිගින් දිගටම සිදුවූ ප්‍රමාදයන් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇතත් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටින බව වාර්තා වේ.

2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.


දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලි වයික්කාල් කොටි ස්මාරකයක් හදලා.. අවසර දුන්නේ කවුද? - අරුන් සිද්ධාර්ථන් ප්‍රශ්න කරයි..

යාපනය විශ්ව විද්‍යාලය තුළ මුල්ලි වයික්කාල් කොටි ස්මාරකයක් සාදා ඇති බවත්, එම ස්මාරකය 'මුල්ලි වයික්කාල් සමූල ඝාතන ස්මාරකය' ලෙස නම්කර ඇති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

රටේ ආර්ථිකය බරපතළ අඩියකට.. රජය ගැන විශ්වාසය බිඳ වැටී වෙළඳපොළ අස්ථාවර වෙලා.. - හර්ෂ ද සිල්වා

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය බරපතල අඩියකට වැටෙමින් පවතින බවත්, රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් වෙළඳපොළ අස්ථාවර වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මහ බැංකු අධිපතිට එරෙහිව මහ බැංකුව අසල උද්ඝෝෂණයක්.. උද්ඝෝෂකයන් පොලිස් ජීප් රථයකුත් හරවා යවයි..

ඊයේ (4) දිනයේ දී මහ බැංකුව අසල මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව උද්ෂෝෂණ ව්‍යාපාරයක් පැවති අතර, එහිදී පොලිසිය සහ උද්ඝෝෂණයේ නියැළුනු පිරිස් අතර ඉතා උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය..

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.