ඩයනා කතා කළේම අපචාර ප්‍රවර්ධනය කරන්න.. ඇයව ජාතික ලැයිස්තුවෙන් පත් කළාට පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි.. කතානායකත් මේ ගැන වගකිව යුතුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර
වසර හතරක් පුරා දිග් ගැසුණු දීර්ඝ නඩු විභාගයකින් පසු ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකුව නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් මෙන්ම අමාත්‍ය ධූරයක් දැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු තනතුරක් දැරීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින්, ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වුවා.
"ඩයනා කියන්නේ ඔවුන්ගේ පක්ෂයේම අය කියන ආකාරයට ගලි බවුසරයක්. අපි කාන්තාවන්ට එහෙම අපහාස කරන්න කැමති නැහැ. ඇය පාර්ලිමේන්තුවට පමණක් නොව සජබ දේශපාලන ව්‍යාපාරයටත් අවමානයක් හා ලැජ්ජාවක්. තමන් සල්ලිවලට ගත්ත පක්ෂයක් කුලියට දීල ඇය මන්ත්‍රී ධුරයක් ලබාගත්තා. ඒක ලබාගෙන ඇමැතිකම් අරගෙන කතා කළේ අපචාර ප්‍රවර්ධනය කරන්න. කංසා නීතිගත කරන්න සහ ගණිකා වෘත්තිය නීතිගත කරන්න. ඇය කියනවා කාන්තාවකට ගණිකා වෘත්තියේ යෙදිල සවස ගෙදර ගිහින් ස්වාමි පුරුෂයා සමග ඉන්න පුලුවන් කියලා. ඇය තමන්ගේ චරිතය රටේ සෑම කාන්තාවකටම ආරෝපණය කරන්න හදනවා. එවැනි තැනැත්තියක් ද්විත්ව පුරවැසි වුනත් නැතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. දෙවනුව කතානායකවරයාටත් වගකීමක් තියෙනවා මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමට පක්ෂවලට සහ රටට බොරු කියලා තමාගේ පුරවැසිකම පිළිබඳ තොරතුරු වසංකිරීම පිළිබඳව සොයා බලන්න. අපි ලැජ්ජා වෙනවා මෙවැනි කාන්තාවන් ගැන කතා කරන්න සිදුවීම පිළිබඳව."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක