
ඩයනා කතා කළේම අපචාර ප්‍රවර්ධනය කරන්න.. ඇයව ජාතික ලැයිස්තුවෙන් පත් කළාට පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස රටේ ජනතාවගෙන් සමාව ගත යුතුයි.. කතානායකත් මේ ගැන වගකිව යුතුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර
වසර හතරක් පුරා දිග් ගැසුණු දීර්ඝ නඩු විභාගයකින් පසු ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකුව නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් මෙන්ම අමාත්‍ය ධූරයක් දැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා. ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු තනතුරක් දැරීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවා.
එහිදී අදහස් දක්වමින්, ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වුවා.
"ඩයනා කියන්නේ ඔවුන්ගේ පක්ෂයේම අය කියන ආකාරයට ගලි බවුසරයක්. අපි කාන්තාවන්ට එහෙම අපහාස කරන්න කැමති නැහැ. ඇය පාර්ලිමේන්තුවට පමණක් නොව සජබ දේශපාලන ව්‍යාපාරයටත් අවමානයක් හා ලැජ්ජාවක්. තමන් සල්ලිවලට ගත්ත පක්ෂයක් කුලියට දීල ඇය මන්ත්‍රී ධුරයක් ලබාගත්තා. ඒක ලබාගෙන ඇමැතිකම් අරගෙන කතා කළේ අපචාර ප්‍රවර්ධනය කරන්න. කංසා නීතිගත කරන්න සහ ගණිකා වෘත්තිය නීතිගත කරන්න. ඇය කියනවා කාන්තාවකට ගණිකා වෘත්තියේ යෙදිල සවස ගෙදර ගිහින් ස්වාමි පුරුෂයා සමග ඉන්න පුලුවන් කියලා. ඇය තමන්ගේ චරිතය රටේ සෑම කාන්තාවකටම ආරෝපණය කරන්න හදනවා. එවැනි තැනැත්තියක් ද්විත්ව පුරවැසි වුනත් නැතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව පළමුවෙන්ම සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ. දෙවනුව කතානායකවරයාටත් වගකීමක් තියෙනවා මන්ත්‍රීවරු මැතිවරණ කොමිසමට පක්ෂවලට සහ රටට බොරු කියලා තමාගේ පුරවැසිකම පිළිබඳ තොරතුරු වසංකිරීම පිළිබඳව සොයා බලන්න. අපි ලැජ්ජා වෙනවා මෙවැනි කාන්තාවන් ගැන කතා කරන්න සිදුවීම පිළිබඳව."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
