හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළිදැක් වූ 'ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' පොතට අනුව 2022 දී අන්තර්ජාතික අනුග්‍රහය මත පාලන තන්ත්‍රය වෙනස් කළ බව කියන සැලසුමකින් ශ්‍රී ලංකා ජනාධිපති ධුරයෙන් ඔහුව නෙරපා හැර ඇති බව හෙළිකර ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය X පණිවිඩයක් නිකුත් කරමින්, විදේශ තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ හමුදා සමග ගනුදෙනු කිරීමට සිදුකෙරෙන සංචාර සීමා කළ යුතු බවට හිටපු ජනාධිපතිවරයාගේ එහි දැක්වෙන යෝජනාව පිළිබඳව ප්‍රශ්න කර ඇත.
මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු ආක්‍රමණය පරාජයට පත්කිරීම සදහා සකලවිධ වූ සියලු බලවේග ඒකරාශී වියයුතු බවත්, ඉන්දියානු රජය සමග වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බව හා එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රටට අහිතකර ආර්ථික, ආරක්ෂක හා වෙළෙඳ ගිවිසුම් ගණනාවක් අත්සන් කරමින් පවතින බවත් ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ සමකැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට ලක්වීමට සහ "ශ්‍රී ලංකාව මූල්‍ය වහල්භාවය පවතින රටක්!" ලෙස අවමානයට ලක් වීමට හේතු වූ "ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ" පාලනය කිරීමට "ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය" නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත, "ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු මෙරට පවුල් විසිඅට ලක්ෂයට කිසිදු ප්‍රතිලාභයක් සලසා නොදෙතත් ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක මහා සමාගම් පහ හයක් ශක්තිමත් කරන බවට ලක්මව දියණියෝ කාන්තා සංවිධානයේ සභාපතිනිය, හිටපු පළාත් සභා මන්ත්‍රීයේ ප්‍රියංගා කොතලාවල මහත්මිය චෝදනා කළාය.
2022 වසරේ සේවක අර්ථ සාධක අරමුදලට 9%ක ප්‍රතිලාභ දෙද්දී මහ බැංකුව තමන්ගේ සේවකයන් සඳහා 29.27% ප්‍රතිලාභ ගෙවාගෙන ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා ලබාදුන් තොරතුරු අනුව 2022 වසරේ දී සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කර ලැබූ ආදායමෙන් සියලු වියදම් පියවා, රජයේ බදු ගෙවා, සේවක ප්‍රතිලාභය වූ 9% ගෙවා දැමූ පසු තවදුරටත් බිලියන 21ක් ඉතුරු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..