News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වසර ගණනාවක සිට උත්සාහ දරමින් සිටි මේ රටේ සම්පත්, ලෝක ඒකාධිකාරී මහාපරිමාණ ජාවාරම්කරුවන්ට විකුණා දැමීමේ සැලසුම් වර්තමාන ආණ්ඩුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මෙරට ජනමාධ්‍ය මෙම කටයුතු වැළැක්වීමට හා මේ පිළිබඳව රට තුළ සාකච්ඡාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

2024 වසරේ මෙරට ආර්ථික අර්බූදය බරපතළ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවයි.

උතුරු - නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

රටට අහිතකර අණ පනත් හා ප්‍රකාශන බොහෝ ප්‍රමාණයක් මේ වන විට ශීඝ්‍රයෙන් එළියට එමින් පවතින බවත්, මෙතෙක් කාලයක් හැංගිහොරා සිදු වූ මෙම ක්‍රියාවන් වර්තමාන ආණ්ඩුව යටතේ එළිපිටම ක්‍රියාත්මක වන බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

එස්තොනියාවේ සිට SkyUP Airlines පළමු ගුවන්යානාව (U5-9394) අද (දෙසැම්බර් 20 දා) රාත්‍රී 11.50 ට එස්තෝනියා අගනුවර ටැලින් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙරට ගුවන් සේවය, විදුලි සංදේශ සේවය, රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබන ආයතන 8ක් සම්පූර්ණයෙන් විකුණා දැමීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ අයවැය කතාවේ දී අනුමතවී ඇත්තේ මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වුවද, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇත්තේ සම්පූර්ණයෙන්ම විකුණා දැමීම ලෙස බවත් දේශහිතෛෂීී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ගෝලීය දෙමළ සංසදය හා රටේ බහුතර ජනතාවක් නොදන්නා අනුනායක ස්වාමීන් වහන්සේලා හත්නමක් අත්සන් තබා ප්‍රකාශයට පත්කළ 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියවිල්ල එළිදැක්වීම පිටුපස බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන බවත්, එම ලියවිල්ල එළිදැක්වීම සිදුවන්නේ යම් මාර්ග සිතියමකට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හෙළිකරයි.

ශ්‍රී ලංකාවේ අර්බුදය ලෙස පෙරට පැමිණියේ කාරණා දෙකක් බවත්, ඉන් එකක් විදේශ විනිමය අර්බුදය බවත්, අනෙක රුපියල පා කිරීම මත සිදු වූ අර්බුදය බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.


දේශීය පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.

"විශ්වාසභංගයෙන් ඇමති බේරගත්තාට වැඩක් වුණේ නැහැ" - චාමර සම්පත් දසනායක

විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

පොල්තෙල් ආනයන සමාගම් 5ක් රු.මිලියන 2891ක් රජයට බදු පොලු තියලා..

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

තරුණියන් තරුණයන් වරදට පොළඹවන ඔන්ලයින් ජාවාරමක් එළියට..

Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.