
අද පොහොට්ටුව අවලංගු වුනත් ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු වී නැහැ-දිලිත් ජයවීර, නායක මව්බිම ජනතා පක්ෂය
මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව එම නායක දිලිත් ජයවීර පැවසීය.
බොරැල්ල සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කළේ අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවලංගු වී ඇති බවය.
“මව්බිම ජනතා පක්ෂය බිහි වුණේ ලංකාවේ ඇති වුන ඒ දේශපාලනික රික්තය පිරවීම සදහා. අපේ පක්ෂය බිහි වන විට ලංකාවේ ඡන්ද දායකයන් ඉතාම වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙලා හිටියේ. පක්ෂ අලුතින් බිහි වන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඊට වඩා තර්කානුකුල, විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගයි මේ පක්ෂය බිහි කළේ. සාම්ප්‍රදායික දේශපාලන වේදිකාවේ ඇසෙන සියලු සාම්ප්‍රධායික වචන, වාක්‍ය අපි ප්‍රතික්ෂේප කරමින් තමයි අපි ඉදිරියට යන්නේ. දැන් අපි ජනතාවට හොද විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පක්ෂවල තිබුනේ අපි දැක්කා දරිද්‍රතාවය නැති කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒ සදහා වන ක්‍රමය නැහැ. ඒ නිසා අපේ පක්ෂය සංකල්ප මත පදනම් වූ පක්ෂයක්.
මේ පක්ෂය හුදු අහම්බයක් නෙවේ. තීරණාත්මක අවස්ථාවක සංකල්ප මත දර්ශනයක් මත පදනම් වෙලා තමයි නිර්මාණය කළේ. අද පොහොට්ටුව අවලංගු වෙලා. හැබැයි ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු නැහැ. ඒ නිසා මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්ය භාරය විය යුත්තේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේම හැටනව ලක්ෂයට අයිති නොවුණු රාජපක්ෂ සන්නාමය නිසා එවකට ඡන්දය ප්‍රකාශ නොකළ සියලු දෙනාත් අපි එකතු කර ගන්න ඕන. මොකද ඔවුන් රටට ආදරය කරන පුද්ගලයින්. අපි නව පක්ෂයක් වුණත් ඕනෑම පැරණි පක්ෂයක් සමග මුහුණ දීමට හෝ ඔවුන්ගෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සදහා මුහුණ දීමට හැකියාවක් තියෙනවා.” යැයිද හෙතෙම කිවේය.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා,
මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් විදියට ප්‍රධාන ධාරාවේ සම්ප්‍රධායික පක්ෂවලින් වෙනස් වූ ගමනක් යන්නේ. අසහනයන් තුරන් කරලා සතුටු දැයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ජිවත් වන කාලයේ මිනිසා පරම ආයුෂ අවුරුදු 80ක් 90ක් වෙන්න පුළුවන්. ඉබ්බෙක් අලියෙක් වගේ අවුරුදු 350ක් විතර ජිවත් වෙන්නේ නැහැ. මේ ජිවත් වෙන කාලය තුලදී මේ රටේ පුරවැසියාට සතුටින් ජිවත් වෙලා, රට අතහැර නොගොස් මේ රටේ ජිවත් වීමට අවශ්‍ය පරිසරයක් ගොඩනගන එක අපේ අරමුණයි. බලාපොරොත්තු කඩ වුනු හැටනව ලක්ෂයක් අද මව්බිම ජනතා පක්ෂය දෙස බලා ඉන්නවා. ඔවුන් අද මියැදිලා නැහැ. ඒ නිසා අපි ඔවුන්ගේ අභිලාෂයන් ඉෂ්ඨ කරනවා.
මෙය පක්ෂයේ මංගල මාධ්‍ය හමුව වන අතර ඒ සදහා පක්ෂයේ උප සභාපතිනි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මහ ලේකම් රංජන් සෙනෙවිරත්න, ව්‍යවසායක උපාලි ජයසේකර, හිටපු සබරගමුව පළාත්සභා මන්ත්‍රී ප්‍රභාත් ඩී අල්විස්, උප සභාපති ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් සහභාගි විය.
– මාධ්‍ය ඒකකය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
