News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඉදිරියේදී කටයුතු කිරීමට අනිවාර්යෙන්ම සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ සභික මහින්ද ජයසිංහ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා දැඩි විවේචනය එල්ල වී තිබේ.

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් රනිල් වික්‍රමසිංහගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇත.

පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය.

පශ්චාත් යථාර්ථ දේශපාලනය නමින් සිද්ධාන්තයක් වර්තමානයේ ලෝක දේශපාලනය තුළ ඇති බවත්, එහිදී පෙර පැමිණෙන්නේ කරුණු නොව හැඟීම් බවත්, සමාජ ජාලා තුළින් පුද්ගලයන්ගේ මනෝමූලික ස්වභාවයන් පාලනය කරනු ලබන්නේ මෙම සිද්ධාන්තයට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වෙනිසියුලානු ජනයා විසින් 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින හෙයින් බවත්, වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට තම ආචාරය පුදකර සිටින බවත් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදුනොවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයකු නොමැතිව ජනාධිපතිවරණයට අදාළ රාජකාරි ක්‍රියාත්මක කරන ආකාරය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (02දා) කොළඹට කැඳවීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා කටයුතු කර ඇත.


දේශීය පුවත්

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.