ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
(Israeli Prime Minister Benjamin Netanyahu (R) and Israeli Defense Minister Yoav Gallant (L) / Amos Ben-Gershom (GPO) / Anadolu Agency © Getty Images)ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මතු ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant නෙරපා හැර තිබේ.
ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.
"යුද්ධය කළමනාකරණය සම්බන්ධයෙන් Gallant සහ මා අතර බරපතල මත ගැටුම් ඇති වුනා. මෙම එකඟ නොවීම් සමඟ ඔහු විසින් රජයේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණ වලට පටහැනිව කළ ප්‍රකාශ සහ ක්‍රියා සමඟ මෙම පියවර ගත්තා." නෙතන්යාහු සිය පියවර පැහැදිලි කරමින් ඊයේ(05) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
නෙතන්යාහුට අනුව, යුද්ධයක් සිදුවන කාලයේදී රජයේ ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර “සම්පූර්ණ විශ්වාසය” තිබීම අවශ්‍ය වන අතර එම විශ්වාසය මෑත මාසවලදී ඔහු සහ Gallant අතර “ඛාදනය වී ඇත”.
“මෙම හිඩැස් පියවීමට මම නැවත නැවතත් උත්සාහ කළ නමුත් ඒවා පුළුල් වූවා. මෙම ගැටළු පිළිගත නොහැකි ආකාරයෙන් මහජනතාව වෙත පවා ළඟා වූවා. තත්වය වඩාත් නරක අතට හැරී එම තොරතුරු අපගේ සතුරන්ට පවා දැන ගැනීමට හැකි වුනා. සතුරා එයින් සතුටට පත් වූ අතර එයින් වාසි ලබා ගත්තා. ”අගමැති නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය.
නෙතන්යාහු Gallant වෙනුවට “නිහඬ ශක්තිමත් සහ වගකීම් සහගත අධිෂ්ඨානයක් ඇති බුල්ඩෝසරයක්” ලෙස උත්කර්ෂයට පත්කරමින් Katz ව ප්‍රශංසා කළේය. Katz ඔහුගේ වර්තමාන භූමිකාව භාර ගැනීමට පෙර මුදල් හා බුද්ධි අමාත්‍යාංශවල ප්‍රධානියා වූ බවද පවසා සිටියේය.
Gallant ගේ ඉවත් කිරීම හේතුවෙන් ධවල මන්දිරය "ඉතා පුදුමයට පත් වූ" බව Axios වාර්තාකරු Barak Ravid සිය X ගිණුමෙහි සඳහන් කළේ නම සඳහන් නොකළ එක්සත් ජනපද නිලධාරියෙකු උපුටා දක්වමිනි. ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයෙක් Gallant ව "ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සම්බන්ධ සියලු කාරණා සම්බන්ධයෙන් වැදගත් හවුල්කරුවෙකු" ලෙස හැඳින්වූ නමුත් වොෂින්ටනය ඔහු වෙනුවට පත්වන අමාත්‍යවරයා සමඟ "සහයෝගීව කටයුතු කරන" බව පැවසීය.
නෙතන්යාහුGallant ඉවත් කළ දෙවන අවස්ථාව මෙයයි. 2023 මාර්තු මාසයේදී ආරක්ෂක Gallant ඇමතිවරයාව සිටින අවදියේදී ඊශ්‍රායල රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණ විවෘතව විවේචනය කරමින් ඊශ්‍රායල සමාජය දෙකඩ කර හමුදාවට තර්ජනය කරන බව පැවසීම හීතුවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට නෙතන්යාහු කටයුතු කළේය.
කෙසේ වුවද ඊශ්‍රායලය පුරා පුලුල්ව පැතිරුනු වීදි විරෝධතා වලින් පසුව,නෙතන්යාහු 20023 අප්‍රේල් මස මුලදී ඔහුගේ තීරණය වෙනස් කළේය.
Netanyahu fires Israeli defense minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා