
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්‍ෂි විභාග කරන්න නියෝග
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ පාස්කු නඩුවේ චෝදනාවලින් එම විත්තිකරුවන් දෙදෙනා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05දා) බලරහිත කරමින් තීන්දුවක් නිකුත් කරන ලදී.
එම විත්තිකරුවන් දෙදෙනාට පාස්කු ප්‍රහාරය පිළිබඳව නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී බුද්ධි තොරතුරු අනුව පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගත්තේ ඇයි දැයි යන කරුණ විත්තියේ සාක්‍ෂි කැඳවා විමසීමක් කළ යුතුව තිබූ බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය වහාම නැවත විභාගය ආරම්භ කොට විත්තියේ සාක්‍ෂි විභාගය පවත්වන ලෙසට ද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට නියෝග කළේය.
සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන් රාජකාරි වගකීම් පැහැර හැරීම ඇතුළු චෝදනා 855 බැගින් ගොනුකරමින් නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව නඩු දෙකක් පවරා තිබිණි. විත්තිකරුවන්ට චෝදනා කියවා දී නඩුවේ සාක්‍ෂි විභාගය ආරම්භ කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ සාක්‍ෂි විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකාබලා විත්තිකරුවන් දෙදෙනාම නිදහස් කිරීමට 2022.02.18 වැනිදා තීන්දුවක් නිකුත් කොට තිබිණි. ආදිත්‍ය පටබැඳිගේ, නාමල් බණ්ඩාර බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නිකුත් කළ එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනාව ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී විභාගයට ගෙන තිබිණි. එම තීන්දුව ඊයේ (05දා) ප්‍රීති පද්මන් සුරසේන, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.
විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ විනිසුරුවරුන් සිවුදෙනකු එක් තීන්දුවක් නිකුත් කොට තිබූ අතර සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා වෙන්ව තීන්දුවක් නිකුත් කොට තිබූ නමුත් සෙසු විනිසුරුවරුන් සිවුදෙනා ලබාදුන් මූලික හරයන්ට එකී තීන්දුව මගින් එකඟතාවය පළකර තිබිණි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා, එකී අභියාචනා විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබූ අතර ඔහු විශ්‍රාම යෑමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ ප්‍රියන්ත ගුණවර්ධන, නිර්මාල් කොඩිතුවක්කු යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
