ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
(Deputy Chairman of Russia’s Security Council Dmitry Medvedev on November 1, 2024, Gorky, Moscow region, Russia. © Sputnik / Ekaterina Shtukina/Sputnik)
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .
ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර, රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී සිටින ඔහු තේරී පත් වුවහොත් යුක්රේනයේ ලේ වැගිරීම කෙටි කාලීනව අවසන් කරන බවට නැවත නැවතත් සපථ කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහු පවසන දේය ඉටු කරන්නේ කෙසේදැයි නිශ්චිතව ඉදිරිපත්ව ඉදිරිපත් කර නැත. ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන කමලා හැරිස් පවසන්නේ ට්‍රම්ප් විසින් කියෙව්ට යටත් වීමට අත්‍යවශ්‍යයෙන්ම බල කරන බවයි.
මේ අතර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ද රිපබ්ලිකන් අපේක්ෂකයාට ගැටුම එක රැයකින් නැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සැක මතුවන බව ප්‍රකාශ කර ඇති අතර, ඔහුට එසේ කළ හැකි “මැජික් යෂ්ටියක්” නොමැති බවද අවධාරණය කළේය.
මේ වන විට රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ලෙස සේවය කරන මෙඩ්විඩෙව් ඊයේ(03) සිය ටෙලිග්‍රැම් නාලිකාවේ සටහනක් තබමින් හෙට(05) පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මොස්කව්හි ඉහළ අපේක්ෂාවන් නොමැති බව පැවසීය. "රුසියාව වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරණය කිසිදු සේවයක් කරන්නේ නැහැ. අපේක්ෂකයින් දෙදෙනාගේම ස්ථාවරයන් අපගේ රට පරාජය කළ යුතු බවට වන පක්ෂ දෙක අතර වන එකඟතාවය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරනවා." යනුවෙන් සිය පණිවිඩය මගින් අවධාරණය කළේය.
මෙද්වදෙව්ට අනුව, මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින අතරතුර, “තරමක් වෙහෙසට පත් වූ ට්‍රම්ප්” යුක්රේනයේ සාම අපේක්ෂාවන් සහ ලෝක නායකයන් සමඟ ඔහුගේ සබඳතාවයන් සම්බන්ධයෙන් ඇති “හිස් බව” ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ට් ජනාධිපතිවරයා බවට තේරී පත් වුවහොත්, රිපබ්ලිකන්වරුන්ට "පද්ධතියේ සියලුම නීති රීති නිරීක්ෂණය කිරීමට බල කෙරෙනු ඇත" එලෙසම "යුද්ධය නැවැත්වීමට නොහැකි වනු ඇත. එය එක දවසකින්නො කළ නොහ්කිය, දවස් තුනකින් කළ නොහැකිය, මාස තුනකින්ද කළ නොහැකිය.”
"කෙසේ වුවද ට්‍රම්ප්ට් සැබවින්ම යුක්රේන ගැටුම අවසන් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔහු නවතම ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි." හිටපු රුසියානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.
එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි 1963 දී ඝාතනය විය.
හැරිස් සම්බන්ධයෙන් අදහස් දක්වමින්,හිටපු රුසියානු ජනාධිපතිවරයා ඇයව "මෝඩ, අද්දැකීම් අඩු සහ පාලනය කළ හැකි" තැනැත්තියක ලෙස සලකා ඉවත් කළේය. මෙද්වදෙව් පෙන්වා දුන්නේ කමලා හැරිස් මහත්මිය තේරී පත් වුවහොත් ඇය හුදු රූකඩ චරිතයක් පමණක් වනු ඇති බවත්, හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පවුලට හිතවත් නිලධාරීන් සහ අනෙකුත් සාමාජිකයින් විසින් අදින ලබන නූල් වලට අනුව ඇය නැටවෙන බවත්ය.
පසුගිය සතිය මුලදී RT පුවත් සේවය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මෙද්වදෙව් ප්‍රකාශ කළේ “රුසියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැනීමට බටහිර රටවලට, විශේෂයෙන් එක්සත් ජනපදයට ප්‍රමාණවත් නම්‍යශීලී බවක් සහ ප්‍රඥාවක් තිබුනේ නම්, යුක්රේනයේ විශේෂ මිලිටරි මෙහෙයුමක් සිදු නොවනු ඇති බවයි. ” එක්සත් ජනපදය සහ එහි සහචරයින් මෙය නියමිත වේලාවට අවබෝධ කර ගැනීමට අපොහොසත් වූයේ “ඔවුන්ට යටත් වන ලෙස බලපෑම් කර සෑම කෙනෙකුටම හිරිහැර කිරීමේ ඇත් පුරුද්ද” සහ “ඇමරිකානු සුවිශේෂීවාදයේ මූලධර්මය සහ එක්සත් ජනපද අවශ්‍යතාවල ප්‍රමුඛත්වය මත” ක්‍රියාත්මක වන නිසා බව ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්