News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්

Nov 4, 2024 at 03:00 PM
|

(Deputy Chairman of Russia’s Security Council Dmitry Medvedev on November 1, 2024, Gorky, Moscow region, Russia. © Sputnik / Ekaterina Shtukina/Sputnik) 

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා  ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට  තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .

ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර, රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී සිටින ඔහු තේරී පත් වුවහොත් යුක්රේනයේ ලේ වැගිරීම කෙටි කාලීනව අවසන් කරන බවට නැවත නැවතත් සපථ කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහු පවසන දේය ඉටු කරන්නේ කෙසේදැයි  නිශ්චිතව ඉදිරිපත්ව ඉදිරිපත් කර නැත. ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන කමලා හැරිස් පවසන්නේ ට්‍රම්ප් විසින් කියෙව්ට යටත් වීමට අත්‍යවශ්‍යයෙන්ම බල කරන බවයි.

මේ අතර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ද රිපබ්ලිකන් අපේක්ෂකයාට ගැටුම එක රැයකින් නැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සැක මතුවන බව ප්‍රකාශ කර ඇති අතර, ඔහුට එසේ කළ හැකි “මැජික් යෂ්ටියක්” නොමැති බවද අවධාරණය කළේය.

 මේ වන විට රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ලෙස සේවය කරන මෙඩ්විඩෙව් ඊයේ(03) සිය ටෙලිග්‍රැම් නාලිකාවේ සටහනක් තබමින් හෙට(05) පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මොස්කව්හි ඉහළ අපේක්ෂාවන් නොමැති බව පැවසීය. "රුසියාව වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරණය කිසිදු සේවයක් කරන්නේ නැහැ. අපේක්ෂකයින් දෙදෙනාගේම ස්ථාවරයන් අපගේ රට පරාජය කළ යුතු බවට වන පක්ෂ දෙක අතර වන එකඟතාවය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරනවා." යනුවෙන් සිය පණිවිඩය මගින් අවධාරණය කළේය.

මෙද්වදෙව්ට අනුව, මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින අතරතුර, “තරමක් වෙහෙසට පත් වූ ට්‍රම්ප්” යුක්රේනයේ සාම අපේක්ෂාවන් සහ ලෝක නායකයන් සමඟ ඔහුගේ සබඳතාවයන් සම්බන්ධයෙන් ඇති “හිස් බව” ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ට් ජනාධිපතිවරයා බවට තේරී පත් වුවහොත්, රිපබ්ලිකන්වරුන්ට "පද්ධතියේ සියලුම නීති රීති නිරීක්ෂණය කිරීමට බල කෙරෙනු ඇත" එලෙසම "යුද්ධය නැවැත්වීමට නොහැකි වනු ඇත. එය එක දවසකින්නො කළ නොහ්කිය, දවස් තුනකින් කළ නොහැකිය, මාස තුනකින්ද කළ නොහැකිය.”

"කෙසේ වුවද ට්‍රම්ප්ට් සැබවින්ම යුක්රේන ගැටුම අවසන් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔහු නවතම ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි." හිටපු රුසියානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.

එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි 1963 දී ඝාතනය විය.

හැරිස් සම්බන්ධයෙන් අදහස් දක්වමින්,හිටපු රුසියානු ජනාධිපතිවරයා ඇයව "මෝඩ, අද්දැකීම් අඩු සහ පාලනය කළ හැකි" තැනැත්තියක ලෙස සලකා ඉවත් කළේය. මෙද්වදෙව් පෙන්වා දුන්නේ කමලා හැරිස් මහත්මිය තේරී පත් වුවහොත් ඇය හුදු රූකඩ චරිතයක් පමණක් වනු ඇති බවත්, හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පවුලට හිතවත් නිලධාරීන් සහ අනෙකුත් සාමාජිකයින් විසින් අදින ලබන නූල් වලට අනුව ඇය නැටවෙන බවත්ය.

පසුගිය සතිය මුලදී RT පුවත් සේවය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මෙද්වදෙව් ප්‍රකාශ කළේ “රුසියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැනීමට බටහිර රටවලට, විශේෂයෙන් එක්සත් ජනපදයට ප්‍රමාණවත් නම්‍යශීලී බවක් සහ ප්‍රඥාවක් තිබුනේ නම්, යුක්රේනයේ විශේෂ මිලිටරි මෙහෙයුමක් සිදු නොවනු ඇති බවයි. ” එක්සත් ජනපදය සහ එහි සහචරයින් මෙය නියමිත වේලාවට අවබෝධ කර ගැනීමට අපොහොසත් වූයේ “ඔවුන්ට යටත් වන ලෙස බලපෑම් කර සෑම කෙනෙකුටම හිරිහැර කිරීමේ ඇත්  පුරුද්ද” සහ “ඇමරිකානු සුවිශේෂීවාදයේ මූලධර්මය සහ එක්සත් ජනපද අවශ්‍යතාවල ප්‍රමුඛත්වය මත” ක්‍රියාත්මක වන නිසා බව ඔහු පැවසීය.


සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.