ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
(Israeli Prime Minister Benjamin Netanyahu (R) and Israeli Defense Minister Yoav Gallant (L) / Amos Ben-Gershom (GPO) / Anadolu Agency © Getty Images)
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇති මත ගැටුම මධ්‍යයේ ඊශ්‍රායල ආරක්ෂක අංශයේ “සැලකිය යුතු හිඩැස්” ඇති කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant නෙරපා හැර තිබේ.
ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Katz වෙත ආරක්ෂක ඇමති තනතුර භාර දී ඇති අතර යම් හෙයකින් ඔහු මෙම තනතුර භාර නොගත්තොත් Gideon Saar ආරක්ෂක අමාත්‍ය තනතුර දැරීමට ඉව අල්ලමින් සිටින බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.
"යුද්ධය කළමනාකරණය සම්බන්ධයෙන් Gallant සහ මා අතර බරපතල මත ගැටුම් ඇති වුනා. මෙම එකඟ නොවීම් සමඟ ඔහු විසින් රජයේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණ වලට පටහැනිව කළ ප්‍රකාශ සහ ක්‍රියා හේතුවෙන් මෙම පියවර ගත්තා." නෙතන්යාහු සිය පියවර පැහැදිලි කරමින් ඊයේ(05) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
නෙතන්යාහුට අනුව, යුද්ධයක් සිදුවන කාලයේදී රජයේ ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර “සම්පූර්ණ විශ්වාසය” තිබීම අවශ්‍ය වන අතර එම විශ්වාසය මෑත මාසවලදී ඔහු සහ Gallant අතර “ඛාදනය වී ඇත”.
“මෙම හිඩැස් පියවීමට මම නැවත නැවතත් උත්සාහ කළ නමුත් ඒවා පුළුල් වූවා. මෙම ගැටළු පිළිගත නොහැකි ආකාරයෙන් මහජනතාව වෙත පවා ළඟා වූවා. තත්වය වඩාත් නරක අතට හැරී එම තොරතුරු අපගේ සතුරන්ට පවා දැන ගැනීමට හැකි වුනා. සතුරා එයින් සතුටට පත් වූ අතර එයින් වාසි ලබා ගත්තා. ”අගමැති නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය.
නෙතන්යාහු Gallant වෙනුවට “නිහඬ ශක්තිමත් සහ වගකීම් සහගත අධිෂ්ඨානයක් ඇති බුල්ඩෝසරයක්” ලෙස උත්කර්ෂයට පත්කරමින් Katz ව ප්‍රශංසා කළේය. Katz ඔහුගේ වර්තමාන භූමිකාව භාර ගැනීමට පෙර මුදල් හා බුද්ධි අමාත්‍යාංශවල ප්‍රධානියා වූ බවද පවසා සිටියේය.
Gallant ගේ ඉවත් කිරීම හේතුවෙන් ධවල මන්දිරය "ඉතා පුදුමයට පත් වූ" බව Axios වාර්තාකරු Barak Ravid සිය X ගිණුමෙහි සඳහන් කළේ නම සඳහන් නොකළ එක්සත් ජනපද නිලධාරියෙකු උපුටා දක්වමිනි. ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයෙක් Gallant ව "ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සම්බන්ධ සියලු කාරණා සම්බන්ධයෙන් වැදගත් හවුල්කරුවෙකු" ලෙස හැඳින්වූ නමුත් වොෂින්ටනය ඔහු වෙනුවට පත්වන අමාත්‍යවරයා සමඟ "සහයෝගීව කටයුතු කරන" බව පැවසීය.
නෙතන්යාහුGallant ඉවත් කළ දෙවන අවස්ථාව මෙයයි. 2023 මාර්තු මාසයේදී ආරක්ෂක Gallant ඇමතිවරයාව සිටින අවදියේදී ඊශ්‍රායල රජයේ අධිකරණ ප්‍රතිසංස්කරණ විවෘතව විවේචනය කරමින් ඊශ්‍රායල සමාජය දෙකඩ කර හමුදාවට තර්ජනය කරන බව පැවසීම හීතුවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට නෙතන්යාහු කටයුතු කළේය.
කෙසේ වුවද ඊශ්‍රායලය පුරා පුලුල්ව පැතිරුනු වීදි විරෝධතා වලින් පසුව,නෙතන්යාහු 20023 අප්‍රේල් මස මුලදී ඔහුගේ තීරණය වෙනස් කළේය.
Netanyahu fires Israeli defense minister
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්