මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (04 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද පැවසීය.
“මේ රටේ ජනතාවට ලොකු සැකයක් ඇතිවෙලා තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණට නැතිනම් මාලිමාවට බහුතර බලයක් ලබාගන්න බැරිවීම හේතුකොටගෙන ඔවුන්ට උදව් කරන වෙනත් බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් හරහා ඒ බහුතර බලය ලබාගැනීමේ ඉතාම කූට උත්සාහයක් දරනවාද කියන කාරණය. මේ කාරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියලා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔවුන් සඳහන් කරනවා 2015 – 2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කරනවා කියන කාරණය. ඒ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කමිටුවේ හිටපු කෙනෙක් තමයි වත්මන් අග්‍රාමාත්‍යතුමිය. 2015 – 2019 ව්‍යවස්ථාවේ තිබෙනවා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් වියයුතුයි කියලා. ඒ වගේම හරිනි අමරසුරිය මැතිණියගේ නිර්දේශ තුළ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ගිලිහිලා ෆෙඩරල් ක්‍රමයකට මඟපාදන තත්වයක් ඇතිකර තිබෙනවා. මේ කාරණා තුන අද සමාජයේ සිදුවීම් එක්ක සසඳලා බැලුවාම ඉතාම
තැතිගන්වන සුළු ස්වභාවයක් තිබෙනවා. මේ ෆෙඩරල්වාදයට අවශ්‍ය මුලපිරීමද, පාරකැපීමද කරන්නේ කියන එකගැන. එල් ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ මුදල් යොදවමින් කටයුතු කරනවා යැයි කියනු ලබන සමහර සංවිධාන මේ වන විට දකුණේ දේශපාලනයටත්, වක්‍රාකාරයෙන් මැදිහත්වෙලා. අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, ජනතාවගේ මතයට හැමදාම ගරුකරන පක්ෂයක් හැටියට ඉතාම ගෞරවනීය ඉල්ලීමක් කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන්. කරුණාකරලා මේ රටේ ජනතාවට මේ ඡන්දයට පෙර පැහැදිලි කිරීමක් කරලා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මුදල් වියදම් කරන පක්ෂ සමග ගණුදෙනුවක් නැහැ, කිසිම ආකාරයකින් ඔබතුමන්ලා ෆෙඩරල් ක්‍රමයකට ඉඩදෙන්නේ නැහැ කියන ප්‍රකාශය කරන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා