අපි මහ පොළොවේ පුංචි බීජයක් පැළ කරා, ඒ බීජය අනාගතයේ දවසක මහා රූස්ස ගසක් වෙලා ලංකාවටම හෙවණ දේවි... මැතිවරණයේ දී සහයෝගය දුන් සියල්ලන්ට ස්තුතියි - උවිඳු විජේවීර
දෙවන පරපුර නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්ද 16,950 ලබා දුන් ජනතාවට සහ දෙවන පරපුර පක්ෂයේ මැතිවරණ ක්‍රියාකාරී කටයුතු වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබා දුන් සියල්ලන්ට දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා සිය ප්‍රණාමය දක්වා තිබේ.
ඒ මහතා ඒ පිළිබඳව සිය මුහුණුපොතේ සඳහන් කර ඇති සටහන පහළින්...
“අපි මහ පොළොවේ පුංචි බීජයක් පැළ කරා, ඒ බීජය අනාගතයේ දවසක මහා රූස්ස ගසක් වෙලා ලංකාවටම හෙවණ දේවි. ඒ දක්වා ආදරණීය මාතෘ භූමියත් එහි ජනතාවත් වෙනුවෙන් අප හැම විටම පෙනී සිටින්නෙමු “
දෙවන පරපුර පක්ෂයේ ස්තුතිය......!
දෙවන පරපුර නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී අප පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්ද 16,950 ලබා දුන් මවුබිමේ ආදරණීය ජනතාවට සහ දෙවන පරපුර පක්ෂයේ මැතිවරණ ක්‍රියාකාරී කටයුතු වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබා දුන් ආදරණිය ඔබ සැමට ද අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු,
මහා පවුරක් ලෙසම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු බලය ගොඩනැගු ශ්‍රී ලාංකීය ජනතාවට ද දෙවන පරපුර ස්තුතිවන්ත වන අතර, ලැබූ ජනවරමින් මහජන අපේක්ෂා මල්පල ගැන්වීමට ජනාධිපතිතුමා ඇතුළු අභිනව රජයට හැකිවේවා යන්න දෙවන පරපුර අපගේ ප්‍රාර්ථනාව වනු ඇත.
එමෙන්ම යහපත් වූ දියුණු ශක්තිමත් දේශයක් සදහා වූ දෙවන පරපුර පක්ෂයේ ක්‍රියාකාරී මැදිහත් වීම අනාගතේ දී වඩා ශක්තිමත් ලෙස ගොඩ නඟන බවද අපි ඔබ සැමට ඉඳුරාම සිහිපත් කරන්නෙමු.
උව්ඳු විජේවීර
දෙවන පරපුර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්