
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ පක්ෂ නායකයකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්?
අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අනුව ළඟදීම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ දේශපාලන පක්ෂ නායකයකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ චැනල් 4 නාළිකාව මගින් හෙළිදරව්වක් සිදු කළ හන්සීර් අසාද් මවුලානාගෙන් නැවතත් මීට අදාළ ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගෙන ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන තැනැත්තන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් මෙයට පෙර පැවති රජය මගින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන්ද කොමිසමක් පත් කළ අතර එමගින්ද විශේෂ වාර්තාවක් ලබා දී තිබේ.
එහෙත් එම පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස අසාද් මවුලානාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර දැනට විදේශගතව සිටින ඔහු එම සාක්ෂි විමසීමට සහභාගි වූයේ නැත.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
