News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ආර්ථික සහ මූල්‍ය උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ආණ්ඩුව දේශීය බැංකුවලින් ණය ගන්න කතාව බොරුවක් බව සහ ආණ්ඩුව කරන්නේ අරමුදල් රැස්කිරීමක් පමණක් බව සඳහන් කිරීම පිළිබඳව ගැන අපගේ පාඨකයන් විවිධ අදහස් පළ කරති.

ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යාහ්යා සින්වාර් ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් වනවා ඇත.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා පැවසිය.

‘රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා’ යියි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පලස්තීන හිතවාදී යුදෙව් ක්‍රියාකාරීන් සියගණනක් නිව් යෝර්ක් නගරයේ වෝල් වීදියේදී ඊශ්‍රායලය ගාසා තීරයේ කරනු ලබන "ජන සංහාරයට" එක්සත් ජනපදය දක්වන සහයෝගයට විරෝධය පළ කර ඇත. විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නිව්යෝක් පොලිසිය පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද රටක් ලෙස මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවට ලක් නොවූ බවත්, එහිදී සිදුවූයේ රැවටීමක් සහ රවටා ගැනීමක් පමණක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල් රැස්කර ගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදුනොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.