
ඇමති වූ ගුරු මහින්ද ඉෂ්ඨ කරන්නේ තැපැල් ඡන්දයෙන් මාළිමාව දිනවූ ටියුෂන් ගුරුන්ගේ අවශ්‍යතාවයද?
පසුගිය දා බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියගේ යටතේ පවතින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ලැබීය.
කෙසේ වුවද වර්තමාන මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඊයේ (24) මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට නිලධාරීන් විසින් හිතාමතා ගෙන ඇති පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛය ආපසු හැරවීමට තමා මැදිහත් වී කටයුතු කළ බවයි.
දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට අධ්‍යාපනය යනු ඉගිල්ලෙනට තිබෙන අත්තටු වලට සමාන බව පවසන ඇතැම් පිරිස් සුවහසක් දරුවන්ට අත් තටු ලැබීමට ඇති නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම මේ ආණ්ඩුවේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය විය යුතු බව අවධාරණය කරති. ඒ අනුව මහින්ද ජයසිංහ මැදිහත් වී ආපසු හරවා ඇත්තේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය යැයි ඔවුහු අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් පිරිසකගේ අදහස වන්නේ ටියුෂන් ආපසු හැරවීමට අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරියගේ අමාත්‍යාංශය ගෙන ඇති මෙම තීරණය මේ රටේ කිසිම ආණ්ඩුවක් නොගත් සෘජු තීරණයක් බවයි.
හරිනි-මහින්ද අතර හටගත් සීතල යුද්ධය සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදුනු ලංකා ලීඩර් පුවත් වෙබ් අඩවියට පැහැදිලි වූයේ මහින්ද අවධාරණය කරන බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ අමාත්‍ය හරිනිට ද හොර රහසේ හිතුමතේය යන්න විය නොහැක්කක් බවයි.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ රාජ්‍ය සේවයේ යෙදෙන විශේෂ්ඥ වෛද්‍යවරයෙකු පවසා සිටියේ, රජයේ පාසල් වල ගුරුවරුන්ට අනුව යමින් රජයේ වෛද්‍යවරුන් රෝහල තුල දීම මුදල් ගෙන රෝගීන්ට වෙදකම් කිරීමටද ඉඩ කඩ ගොඩ නැගෙන බවයි.
අප වෙත අදහස් දැක්වූ සියලු දෙනා පාහේ පවසා සිටියේ මහින්ද ජයසිංහලා අමාත්‍ය හරිනි නිකුත් කළ බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛය ආපස්සට හැරවීමෙන් හොඳම දේ දරුවන්ට නොව තැපැල් ඡන්දයෙන් මාළිමාවේ දෑත් ශක්තිමත් කළ ගුරුවන්ටය යන්න තහවුරු වන බවයි.
ඒ අනුව මහින්ද ජයසිංහලා මැදිහත් වී ඉඩ දී ඇත්තේ අතලොස්සක් වූ මාළිමාවේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින ගුරුවරුන් පිරිසකට බව පැවසූ එම විශේෂඥ වෛද්‍යවරයා මහින්දලා සමස්ථ ගුරු පරපුරම අප කීර්තියට පත් කළ බවද අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
