ඇමති වූ ගුරු මහින්ද ඉෂ්ඨ කරන්නේ තැපැල් ඡන්දයෙන් මාළිමාව දිනවූ ටියුෂන් ගුරුන්ගේ අවශ්‍යතාවයද?
පසුගිය දා බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියගේ යටතේ පවතින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ලැබීය.
කෙසේ වුවද වර්තමාන මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඊයේ (24) මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට නිලධාරීන් විසින් හිතාමතා ගෙන ඇති පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛය ආපසු හැරවීමට තමා මැදිහත් වී කටයුතු කළ බවයි.
දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට අධ්‍යාපනය යනු ඉගිල්ලෙනට තිබෙන අත්තටු වලට සමාන බව පවසන ඇතැම් පිරිස් සුවහසක් දරුවන්ට අත් තටු ලැබීමට ඇති නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම මේ ආණ්ඩුවේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය විය යුතු බව අවධාරණය කරති. ඒ අනුව මහින්ද ජයසිංහ මැදිහත් වී ආපසු හරවා ඇත්තේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය යැයි ඔවුහු අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් පිරිසකගේ අදහස වන්නේ ටියුෂන් ආපසු හැරවීමට අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරියගේ අමාත්‍යාංශය ගෙන ඇති මෙම තීරණය මේ රටේ කිසිම ආණ්ඩුවක් නොගත් සෘජු තීරණයක් බවයි.
හරිනි-මහින්ද අතර හටගත් සීතල යුද්ධය සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදුනු ලංකා ලීඩර් පුවත් වෙබ් අඩවියට පැහැදිලි වූයේ මහින්ද අවධාරණය කරන බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ අමාත්‍ය හරිනිට ද හොර රහසේ හිතුමතේය යන්න විය නොහැක්කක් බවයි.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ රාජ්‍ය සේවයේ යෙදෙන විශේෂ්ඥ වෛද්‍යවරයෙකු පවසා සිටියේ, රජයේ පාසල් වල ගුරුවරුන්ට අනුව යමින් රජයේ වෛද්‍යවරුන් රෝහල තුල දීම මුදල් ගෙන රෝගීන්ට වෙදකම් කිරීමටද ඉඩ කඩ ගොඩ නැගෙන බවයි.
අප වෙත අදහස් දැක්වූ සියලු දෙනා පාහේ පවසා සිටියේ මහින්ද ජයසිංහලා අමාත්‍ය හරිනි නිකුත් කළ බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛය ආපස්සට හැරවීමෙන් හොඳම දේ දරුවන්ට නොව තැපැල් ඡන්දයෙන් මාළිමාවේ දෑත් ශක්තිමත් කළ ගුරුවන්ටය යන්න තහවුරු වන බවයි.
ඒ අනුව මහින්ද ජයසිංහලා මැදිහත් වී ඉඩ දී ඇත්තේ අතලොස්සක් වූ මාළිමාවේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින ගුරුවරුන් පිරිසකට බව පැවසූ එම විශේෂඥ වෛද්‍යවරයා මහින්දලා සමස්ථ ගුරු පරපුරම අප කීර්තියට පත් කළ බවද අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා