රුසියානු ලුතිතන් ජෙනරාල් ඉගොර් කිරිලොව් ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කළ යුතුයි!- විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත අවධාරණය කරයි
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කරමින් පවසා සිටින්නේ, රුසියානු සන්නද්ධ හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක සහ විකිරණ ආරක්ෂක බලකායේ ප්‍රධානියා වූ ලුතිතන් ජෙනරල් ඉගොර් කිරිලොව් ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ යුතු බවයි.
විමල් වීරවංශ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධානය කරන්නේ රුසියාව අපකීර්තියට පත් කිරීම සඳහා "අපිරිසිදු බෝම්බයක්" නිර්මාණය කිරීමට සකසා තිබූ සැලසුම් සහ විෂ ද්‍රව්‍ය හා සම්බන්ධ ප්‍රකෝපකරනයන් පිළිබඳ එක්සත් ජනපදය, අනෙකුත් බටහිර රටවල් සහ කියෙව් පාලනය සතුව ඇති සැලසුම් සිය ලිපි මගින් නොබිඳිය හැකි චෝදනා ලෙස ජගත් ප්‍රජාව හමුවට ඉදිරිපත් කළ අයෙකු බවයි.
එලෙසම ඉගොර් කිරිලොව් යනු කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් එන්නතෙහි නිර්මාතෘවරුන්ගෙන් කෙනෙකු වන බැවින් ඔහු රුසියාවට පමණක් නොව ජගත් ප්‍රජාවටම විශාල සේවයක් කළ අයෙකු බවද විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
"එබැවින් මෙවැනි ම්ලේච්ඡ ඝාතන නැවත වතාවක් රුසියානු භූමියේ ඇතිවීම වැළැක්වීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලුතිතන් ජෙනරල් ඉගෝර් කිරිලොව් ගේ ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නම් කිරීම කළ යුතු බව අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි." විමල් වීරවංශ මහතා සිය ලිපියෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත අවධාරණය කරයි.
විමල් වීරවංශ මහතා එකසත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත යවන ලද ලිපිය අද(24) ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය සුමිත් වන්නිආරච්චි සහ එහි තරුණ අංශය නියෝජනය කරමින් වින්දන විදුර කුමාර මහත ඇතුළු පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට භාරදුනි.

සම්පූර්ණ ලිපිය පහතින්...


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා