එට්කා ගැන කතා කිරීමටවත් අනුර කුමාර දිසානායක මහතාට සදාචාරාත්මක අයිතියක් නැහැ - ආචාර්ය ගුණදාස අමරසේකර
එට්කා අත්සන් තබන්න නොව එට්කා ගැන කතා කිරීමටවත් අනුර කුමාර දිසානායක මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
පසුගිය (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අමරසේකර මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණදාස අමරසේකර මහතා මෙසේද පැවසීය.
අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න කටයුතු කළේ පසුගිය දෙසැම්බර් 16 වැනිදා ඉන්දියාවට ගියපු අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන්න. අපේ අරමුණ ඒ ප්‍රකාශය නිර්දය ලෙස විවේචනය කිරීම නෙවෙයි. අපේ අරමුණ එතුමාට මුහුණ දෙන්නට තිබෙන අනතුර පිළිබඳව අවබෝධයක් ලබාදීලා එතුමාත් රටත් බේරා ගැනීමයි.
මේ සම්බන්ධයෙන් අපේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සාධනීය ලිපියක් ලියලා තියෙනවා.ජනාධිපතිතුමන් එය කියවයි කියලා අපි හිතනවා.
ඇත්තටම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පස්සේ එට්කා සම්බන්ධායෙන් නෙයෙක් විවේචන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අපි දැක්කා අමාත්‍ය විජිත හේරත් ඒ විවේචනවලට තර්ජනාත්මක ස්වරූපයෙන් පිළිතුරු දෙනවා. එතුමා පිළිතුරු දෙමින් කියන්නේ මේ එට්කා ගිවිසුම අනුර කුමාර දිසානායක අත්සන් කළේ නෑ කියලා. අපි ඒක දන්නවා. හැබැයි අපි දකින හැටියට අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය අපිට පේන්නේ එදා රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයේම දිගුවක් ලෙසයි. රනිල් කරුණු 5ක් මත තමන්ගේ අදහස් දැක්වූවා. ඒක පිටු දෙකයි. අනුර දිසානායක මහත්තයා ඊට එහාට ගිහිල්ලා පිටු 5ක කරුණු 34ක් මුල්කරගෙන ප්‍රකාශය කර තිබෙනවා. ඒ කියන්නේ රනිල් ගිය දුරට වඩා අනුර දුර ගිහිල්ලා. මේ ප්‍රකාශය දිහා බාලුවම තමයි අපිට බය හිතෙන්නේ.
ඇත්ත වශයෙන්ම කියනවානම් මට තියෙන ප්‍රශ්නය තමයි මේවගේ ප්‍රකාශයක් කිරීමට එතුමාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියන එක. මොකද අපි දන්නවා එට්කා ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. එතුමා මේ උගුලට පය තිබ්බේ නෑ.
එහෙම තත්වයක් තුළ අනුර කුමාර දිසානායක මහත්තයට මේ ගැන කතාකරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැහැ කියලයි අපි හිතන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා